(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රජයේ වාර්ෂික ආදායමෙන් සියයට දහයක් අධ්‍යාපනය සඳහා වෙන් කළද මෙරටේ ඇතැම් පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බව  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහිඅලුත්ම වාර්තාවේ සඳහන් වේ.

පාසල් අතර සම්පත් බෙදීයාමේ බරපතල විසමතාවක් පවතින බවද එම වාර්තාවේ දැක්වේ.

රටේ පාසල් වලින්  සියයට 50 ක් පමණ  ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙසීයට අඩු ඒවා බවත් පොදුවේ පාසල්වල ජල සහ වැසිකිළි  පහසුකම් ඉතා අවම මට්ටමක පවතින්නේ යැයි  නිරීක්ෂණයවූ බවත්  කෝපා කමිටුව පවසයි.