(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ සංචාරයෙන් ලබාගත් ප්‍රතිලාභ මොනවාදැයි මැතිසබයට ඉදිරි දිනවල දැනුම් දෙන බව ඔහු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ යැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
චන්ද්‍රසේන මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකය බිඳවැටී ඇති අවස්ථාවක ඉන්දියාවෙන් ඇමරිකාවෙන් නොව වෙන කොයි ලෝකයකින්හෝ මේ රටට ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒවා බාරගත යුතු බව පැවසූ ඉඩම් අමාත්‍යවරයා ළඟම පාසල හොඳම පාසල ලෙස සලකන නිසා ළඟම රට හොඳම රට කියලා හිතලා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මෙලෙස සංචාරය කළ බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කුතුහලය තියෙන්නේ මෙයා ගිහිල්ලා මොන භාෂාවෙන්ද කතා කළේ කියලයි. මෙයාගේ සිංහල සහ ඉංග්‍රීසි මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නැහැ.. දෙමළ හෝ හින්දි දන්නවද මෙයා..? අනිත් එක ආර්ථිකේ ගැන කතා කරන්න ඒ ගැන මොනවාද දන්නේ? නිකන්ම නිකන් සල්ලි ඉල්ලන්න ඇති.
මැති, ඇමැතිවරු ගසාකති.. මහජනයා හිඟාකති.
ඉන්දියන් කාරයෝ බලන් හිටියේ අපේ කවුරුහරි එනකල් ලාබ අරන් දෙන්න. උඩ ඉඳලා පහළට විහිළු කාරයෝ ඉන්න ආණ්ඩුවක් මේක...
රටටද එතුමාටද ?
ප්‍රතිලාභය කීයද? තවම 10%ද? විජේදාස රාජපක්ෂ නම් කියන්නේ මිස්ටර් 20% කියලා...