‘‘ගම්පහ පැති කීපයකට හෙට වතුර නෑ‘‘ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (01) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. 31 October 2021
ස්විස් බෞද්ධ විහාරයේ කඨින පිංකම මහ ඉහළින් සිවිස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ප්‍රංශයේ සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 31 October 2021
අනුරාධපුර පාසල් ප්‍රාථමික සිසුන් 30කට කොරෝනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය ප්‍රදේශවල ප්රාථතමික පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිදෙනකු සහ එක් විදුහල්පතිවරයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි. 31 October 2021
වෑන් රථයකින් පැමිණ මාල කඩලා විද්‍යුත් මාධ්‍ය ආයතනයක ලාංජනය ඇලවූ වෑන් රථයකින් පැමිණ වේයන්ගොඩ දඩගමුවේදී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ කළ බව කියන කොල්ලකරුවන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත. 31 October 2021
හෙට සිට දුම්රිය ගමන්වාර 152ක් පළාත් අතර සංචරණ සීම ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට (1) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 31 October 2021
අකුණු මාරයා දරුවා අරන් යයි අකුණු සැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි. 31 October 2021
මත් කරල් වික්ක දොස්තර මාට්ටු රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී , හදුනානොගත් මත්කරල් අලෙවි කළ බව කියන වෛද්‍යවරයෙක් පෙරේදා (30) රාත්‍රීයේ පානදුර උතුර පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 October 2021
ආයුධ සමග 16ක් වැල්වැටිතුරෙන් අල්ලයි යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (30) රාත්‍රියේ සිදුකරන ලද විශේෂ සෝදිසියකදී තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍යද සමගින් සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. 31 October 2021
අද දිනයෙත් තද වැසි දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 October 2021
පළාත් අතර සංචරණ සීමා අවසන් කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා ක්‍රියාත්මක කෙරුණු පළාත් අතර සංචරණ සීමා රජය විසින් අද අළුයම ඉවත් කරනු ලැබීය. 31 October 2021
අලි වැටේ අලි හොරයක් කෝපා අල්ලයි නැගෙනහිර පළාතේ අලි වැටට සම්බන්ධ රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා විදුලි උපකරණ 2020 වසරේදී සොරාගෙන ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා)අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 31 October 2021
‘‘මහජන බැංකුව අසාදු ගත කර ඇති බව මා දන්නේ නෑ‘‘ යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 30 October 2021
ජනපති ස්කොට්ලන්තයට ළඟා වෙයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් ගුවන්තොටුපොළ වෙත ළගා විය. 30 October 2021
රජයේ - පෞද්ගලික සේවකයන්ට විශේෂ ප්‍රවාහන සේවයක් නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට සඳහා නොවැම්බර් මස 1 වැනිදා සිට බස් මාර්ග හතක සාමාන්‍ය සහ සුඛෝපබෝගි විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 30 October 2021
දක්ෂිණ අධිවේගයේදි වාහන පහක් ගැටී පහකට තුවාල දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලණිගම බද්දේගොඩ ප්‍රදේශයේදී මිට සුළු වේලාවකට පෙර වාහන හතරක් එකි නෙක ගැටීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. 30 October 2021
එන්නත්වලට අභියෝග කරන අලුත් කොරෝනා මාරයක්? ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 30 October 2021
පොලිසියේ දෙකකට පහරදුන් 18ක් අල්ලයි මොරටුව මාදංගහගත්ත ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනකුට පහරදී බරපතළ තුවාල සිදු කළැයි කියන කාන්තාවන් දස දෙනකු ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 30 October 2021
මාල කැඩූ මෙන්ඩා අල්ලයි අලුත්ගම,බේරුවල ඇතුළු ප්‍රදේශ හතක කාන්තාවන්ගේ රන්මාල කැඩූ බව කියන කරන්දෙණියේ මෙන්ඩා නමින් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි . 30 October 2021
දෙමටගොඩ රුවන් ලබන 5 තෙක් රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනය අබේවික්‍රම මහත්මිය අද (30) නියෝග කළාය. 30 October 2021
දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. 30 October 2021
සියලු පාසල්වල උ.පෙළ සා.පෙළ පන්ති 8 වැනිදා ඇරඹේ දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි ලබන මස 08 වැනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 30 October 2021
අලි වැට රකින්න 5000ක බළකායක් අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්ක 14ක අලි වැට ආරක්ෂා කිරීම සඳහා තරුණ තරුණියන් 5000ක පිරිසක් බඳවා ගත් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 30 October 2021
නිල ඇඳුමෙන් “අයිස්’’ වික්ක කොස්තාපල් අත්අඩංගුවට පොලිස් නිල ඇඳුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වැලිකඩ පොලීසියේ කොස්තාපල්වරයකු අයිස් ග්‍රෑම් 10ක් සමඟ විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත . 30 October 2021
රටපුරා කාබනික පොහොර බෙදාහැරීම සදුදා ඇරඹේ සියලු දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීම ලබන සදුදා (1) සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. 30 October 2021
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. 30 October 2021
එස්.ටී.එෆ් හොර හැඳුනුම්පතක් සමග අයෙක් මාට්ටු ව්‍යාජව සකස් කරන ලද විශේෂ කාර්ය බලකා හැඳුනුම්පතක් ඇතුළු ව්‍යාජ ලේඛන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොරටුවේදී ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය . 30 October 2021
කොරෝනා අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් සංචර නීති ලිහිල් කිරීමත් සමග ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා රට කොළ කලාපයෙන් රතු කලාපයට යළි පැමිණීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය. 30 October 2021
ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 30 October 2021
ජනපති ස්කොට්ලන්ත සංචාරයකට පිටත්ව යයි එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30) අලුයම දිවයිනෙන් පිටත් ව ගියේය. 30 October 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස ඉක්මවයි ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තාවක සඳහන් වේ. 30 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 17 hours ago