(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.