
(ශාන්ත රත්නායක)
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්රියන්ත කුමාර මහතාගේ මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්රී ලංකා විදේශ ශ්රමික ජාලය හා ජන බල පවුර සංවිධාන එක්ව අද (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.
එහිදී රැස්ව සිටි පිරිස ප්රියන්ත කුමාර මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාකිස්තානු මහකොමසාරිස් කර්යාලයට සන්දේශයක් භාර දුන් අතර එයට භික්ෂූන් වහන්සේලා ,කතෝලික පියතුමන්ලා හා හින්දු ,මුස්ලිම් පුජකතුමන්ලා ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළබලයක් ඇති නොකරගෙන සංයමයෙන් යුතුව කරන විරෝධයක් පෑම කල යුතුයි. රටවල් තුළ විවධ ආකල්ප දරන මිනිසුන් සිටින අතර එය සමස්ථ රටේ ආකල්පය නොවේ. අන්තවාදීගේ එම ක්රියාව සමස්ථ මානව සංහතියටම කැළලකි. පකිස්තානය එය නිවැරදි කරගනී යැයි සිතමු.
එය විය යුතුමයි..!!
මොකක් හරි දෙයක් අටවාගෙන විරෝධතා තියන්න තමා ලංකාවට පුරුදු. මේ කෝවිඩ් කාලේ වැඩිපුරම විරෝධතා තිබ්බේ ලංකාවේ වෙන්න ඕනේ. වැඩ නැහැ විරෝධ තා විතරයි පරීක්ෂණයක් යනවා, රජයන් දෙකම ඒ ගැන කතා කරනවා . තව නටන්න්නේ මොකටද වැඩ නැතිද ?