
(යොහාන් භාසුර)
කර්මාන්ත අමාත්‍යංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ‘කොස් උරුමයක පුනරුදය‘ ජාතික ව්‍යාපෘතිය ඇරඹීය.
මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම‘ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය නිසිමගට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක් වන බවත් බහුජාතික සමාගම්වල වස විස සහිත පරිභෝජන ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමෙහි යෙදෙන, ඒවායේ සන්නාම තානාපතිවරුන් ලෙස පෙනී සිටින නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් දැකගත හැකි බවත්ය.
කොස් ආශ්‍රිත පර්යේෂණ රැසක නියැලෙමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත මහතා ද එම අවස්ථාවට සහභාගි විය.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්නැහේ කවදද දන්නේ නෑ අන්තිමට කොස් මැල්ලුමක්, පොලොස් ඇඹුලක් හරි කිරි කොස් මාළුවක් හරි කෑවේ ?
නගරයේ ඉන්න අපිට කොස් ගස් වවන්න ඉඩක් නැහැ, වෙළඳපලෙන් කොස් ගන්න ගියත් ඒවා ගන්න බයයි මොකද කල්තබා ගන්න කූට වෙළෙන්දෝ හාර්පික් දාන හින්ද, වස විස ගැන කතාකරනවානම් ඉස්සෙලම මෙන්න මේවා ගැන හොයල බලන්න. අද වෙළඳපලේ ඇති කිසිම පළතුරක් ගන්න බයයි ඒ හැම එකකටම කල්තබා ගන්න වස ගහන හින්ද
ඉතා යහපත් වැඩක්. සුභ පැතුම්
අනේ අපේ කර්මාන්ත ඇමතිට වෙච්චි දෙයක්.
තණකොළ ආශ්‍රිත නිෂ්පාදන මොකුත් නැද්ද?
ඔතන කොස් ගෙඩි දෙකට අවම ලක්ෂ 25ක්වත් බිල දාලා ඇති
අනුන් හිටවපු ගස් වල කොස් කඩාගෙන දැන් රඟපානවා.