
(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහු දින යාත්‍රාවක් මධ්‍යම රාත්‍රියේදී ගිනිගෙන විනාශ වී තිබුණු බව තංගල්ල පොලීසිය පවසයි.
මෙලෙස ගිනි ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙර කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහු දින යාත්‍රාවක් වූ ජයනෙතු බහු දින යාත්‍රාවයි.
ජයනෙතු යාත්‍රාව ආසන්නයේ නැංගුරම් දමා තිබූ තවත් බහු දින යාත්‍රාවක්ද ගින්නට හසුව ඇති අතර එය ධීවරයින් විසින් නිමා දමා තිබුණි.එම යාත්‍රාවට සුළු හානි සිදු වී තිබුණි.
හදිසියේම යාත්‍රාව තුළ ගින්න ඇති වූ බවත් එල්.පී. ගෑස් ටැංකි තිබුණු ස්ථානයෙන් ගින්න හටගත් බවත් යාත්‍රාවේ මුරකරු වූ සරත් විජේසිංහ පැවසීය.
බෝට්ටුවේ ගෑස් ටැංකි තිබුණු තැනින් එක වරම ගින්න හට ගත්තා. ගින්න නිවන්න බැරි වුණා. ඒ ආසන්නයේ තිබුණුතවත් යාත්‍රාවකට ගින්න පැතිරුණා. ඒ ගින්න අපට නිවා ගන්නට හැකි වුණා යැයි යාත්‍රා මුරකරු පැවසීය.

.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd