(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු අයවැය විවාදයේ කටයුතු  අද (6)  පැය තුනකට සීමාවීම  විශේෂ සිද්ධියක්විය. මෙවර අයවැය විවාදයේ කටයුතු මෙලෙස කෙටි වේලාවකට සීමාවූ පළමු අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද (6) පෙරවරු 9.30 ට  ආරම්භ වී දහවල් 12.30 ට පමණ අවසන් කෙරිණ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මැතිසබය  අද (6) වර්ජනය කළහ.

මැතිසබයේදී   අද  විවාදයට ගැනුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය,නාගරික සංවර්ධන,හා අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය , ග්‍රාමීය නිවාස ඉදිකිරීම්  හා ගොඩනැගිලි ද්‍රව්‍ය  කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය,   සංචාරක අමාත්‍යංශය,ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා ජල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.

එම වැය ශීර්ෂ  සම්මත කිරීමෙන් අනතුරුව  සභාව හෙට  (7) දින දක්වා කල් තැබිණි.