(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන්නැයි ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිටුවට යෝජනාකර තිබේ.

සෑම සංචාරකයකුම කටුනායක ගුවන්තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් නොකළහොත් ඔමික්‍රෝන් වයිරසය රටතුළට ඇතළුවීම වැළැක්විය නොහැකි බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කෝවිඩ් කමිටුවට ලිපියක් මගින් දන්වා ඇත.