(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබුණි.
කින්යා ප්‍රදේශයෙන් සිද්ධීන් තුනක්, කොට්ටාවෙන් සිද්ධීන් දෙකක්, මීගමුව, වව්නියාව, පුත්තලම, නුවරඑළිය, කොටගල, වාද්දුව, මහබුත්ගමුව, අම්බලන්ගොඩ, ගොනපීනුවල, මිද්දෙනිය සහ විලච්චිය යන ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා විය. මෙම සිද්ධීන් අතර ගෑස් ලිප් පුපුරා යෑමේ සිද්ධීන්, රෙගියුරේටරය සහ බට පුපුරායෑමේ සිද්ධීන් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගිකයින් කිහිප දෙනෙකු දැඩි ලෙස අනතුරට ලක්වන තුරු බලා සිටිමු.
පාවිච්චිය වැඩි වෙනකොට අනතුරු වැඩිවෙනවා කිව්වා. උන්නැහේගේ ගෙදර ගෑස් පාවිච්චි කරන්නේ නැද්ද දන්නේ නැහැ..?
මේවගේ මෝඩ පාලකයින් ඉන්න රටක්... කමිටු පත් කරනවා, කොමිටි පත් කරනවා, පාර්ලිමේන්තු සභා පවත්වනවා. ඔලුවක් නෑ සියලුම සිලින්ඩර ගෑස් නියෝජිතයින් වෙත ආපසු ගෙනැවිත් නිසි ලෙස, පරික්ෂා කරලා නිවැරදි ප්‍රමිතිය ඇති ඒවා පමණක් නිකුත් කරන්න. පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සහ මොනවාද යන්න රටේ ඉන්න ඔස්තාර්ලාට කළ හැකියි...
අවුලක් නෑ.. අර ජාතික රෝහලේ නෝනා කියන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලා...
දැන් නම් වාර්තා පිට වාර්තා තබනවා.
රටටම මර උගුල් බෙදාහැර, බොරු කියමින් ජාතියම රැවටීමට උත්සාහ කළ, අය තාමත් නිදැල්ලේ සිටියි. රටේ නීති අහිංසක දුප්පත් ජනතාවට එරෙහිව පමණක්ද? වංචනිකයින්, හොරුන්, මිනී මරුවන්ගේ හිතවත්කම් ඉදිරියේ පාලකයින්ගේ කශේරුව අතුරුදහන්ව ඇත.