(තරංග ගුණරත්න)

වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා  වල්ලපට්ට ශාකවල කොටස් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා කොක්මාදූව කදවුර කියයි.

කනංකේ අඹේදොල ප්‍රදේශයේ නිවසක වල්ලපට්ටා සිඳින බවට විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කළේය.

බලපත්‍රයක් නැතිව වල්ලපට්ට දැව කැබලි කරන යන්ත්‍රයක් හා තෙල් සිදිමට යොදාගන්නා උපකරණ ඇතුළු භාන්ඩ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කනංකේ අඹේදොල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරි පුද්ගලයෙක්.

අදාළ යන්ත්‍ර සහ උපකරන වැඩිදුර විමර්ශන කටයුතු සදහා අඩවි වන දෙපාර්තමේන්තුවේ අකුරැස්ස කාර්යාලයට බාරදුන් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.