
අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට 'කොවිඩ් 19 ඔමික්‍රොන්' විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි.
මෙම 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයෙනි. ඔවුන් දෙදෙනා බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.
වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා නිවසේ සිට ප්‍රතිකාර ලබන බවය. ආසාදිතයන් දෙදෙනාගේ පළමු සහ දෙවැනි පෙළ ආශ්‍රිතයන් ද මේ වනවිට 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කළ බව ද වාර්තා වේ.
'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙනවා ද සෙවීමට ප්‍රාන්ත මට්ටමින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කළේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේ ඊයේ (1) ය. ඒ අනුව අද (2) වනවිට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හඳුනා ගැනීම සිදුවිය.
ප්‍රාන්ත මට්ටමින්, 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හදුනා ගැනීම ආරම්භ කර ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා තිබේ.
දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගත් 'ඔමික්‍රොන්' විකෘතිය ඉතාමත් බිහිසුණු, වේගයෙන් ව්‍යාප්තවන, එන්නත්වලට පවා ප්‍රතිරෝධය දක්වනවා යැයි පැවැසෙන්නේ, 'ඔමික්‍රොන්' විකෘතිය නිර්මාණය වී ඇති වයිරස විකෘති අනුවය.
'ඔමික්‍රොන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට තව දින කීපයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගින් දිගටම පවසා ඇත්තේ 'ඔමික්‍රොන්' සම්බන්ධයෙන් දැන්ම අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම නොකළ යුතු බවය.
අද (2) දිනයේ ඇමෙරිකාවෙන්, සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ද පළමු වරට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හඳුනා ගැනීම සිදුවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ කොරෝනා ප්‍රභේද ඇතිවන්නේ කොරෝනා ව්‍යාප්ත වීමට මිනිසුන් වන අප ඇතිතරම් මුවආවරණ හරියාකාරව නොපැළඳ ඉඩ ලබාදෙන නිසයි. බොහෝ දෙනෙක් පළදින මුව ආවරණය සර්ජිකල් මාස්ක් එකයි. මෙය අවිධිමත්ව පළඳින බව පෙනේ. එබැවින් මෙම මාස්ක් එක නවීකරණය කරන්න ඕන. සර්ජිකල් මාස්ක් 2ක් භාවිතකර මා එය නවීකරණය කර ඇත. මෙයට පේටන්ට් අයදුම් කිරීමට අද හෙටම කටයුතු කරමින් සිටිනවා.. මෙම නවීකරණය කළ මාස්ක් එකට මා ලබා දීඇති නම - Two in one surgical mask මෙවැනි මාස්ක් එකක් ලෝකයටම හඳුන්වා දී කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට දායක වීම මගේ අරමුණයි...