(අංජුල මහික වීරරත්න)
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එබැවින් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බව ජාතික බීජ සභාවට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදී තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති ගොවිපල සියල්ල බීජ නිෂ්පාදනයට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd