ළමා අපයෝජන ගැන ළමා අධිකාරියෙන් හෙලිදරව්වක් ළමා අපයෝජන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි හාර දහස් හත් සියයක් (4700) පමණ පසුගිය මාස හයේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය. 29 July 2021
කාබනික නිෂ්පාදන අළෙවි කරන්න සුපිරි වෙළෙඳසල් ‘වස විසෙන් තොර’ ආහාර ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්වමින් කාබනික නිෂ්පාදන පමණක් අළෙවි කරන සුපිරි වෙළෙඳසල් ජාලයක් ‘හරිත සුපිරි වෙළෙඳසල්’ (සතොස ඕගනික් සුපර්මාර්කට්) ලෙස ස්ථාපිත කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 29 July 2021
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 29 July 2021
පළාත් අතර මගී ප්‍රවාහන සේවා ලබන 1 වැනිදා ඇරඹේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 1වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. 29 July 2021
සුරාබදු නිලධාරින් 48කට අල්ලස් දුෂණ චෝදනා අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 48 දෙනෙකු පසුගිය කාලයේදී (2020වසර වන විට) වැඩ තහනමට ලක්ව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 July 2021
“රට ගොඩගන්න 20වන සංශෝධනය අහෝසි කළ යුතුයි ’’ රට ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම 20 වන සංශෝධනය අහෝසි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 July 2021
සෞඛ්‍ය අංශ ප්‍රධානියා උද්ඝෝෂකයන්ට කළ ආරාධනය උද්ඝෝෂණය හේතුවෙන් කොරෝනා පැතිර යෑමේ අවදානමක් පවතින හෙයින් උද්ඝෝෂණවලින් වැළකී සිටීමට අදාළ පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 29 July 2021
රිෂාඩ්ගේ නිවසේ සේවයේ සිටි 11 දෙනාගෙන් 5 දෙනකුගෙන් ප්‍රකාශ ගනී හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ 2010; වසරේ සිට මෙහෙකාර සේවයේ නිරතව සිටි බව කියන කාන්තාවන් එකොළොස් දෙනාගෙන් 5දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ දිනය තුළ ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 July 2021
පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හතරක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ආයතනවල ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට (කෝප්) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 29 July 2021
අන්තර් ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක් දරුවන් ඉලක්කකර අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 July 2021
වැස්ස අඩු වෙයි පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවක් අද (29) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2021
තිබ්බේ මුවාට වැදුණෙ සෙබළට අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දඩයමේ ගිය හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය කියයි. 29 July 2021
වසර හතරට ලක්ෂ 600ක් සංසරණය වූ ගිනුමක් හිමි කතක් මාට්ටු ගිණුම් පහක් පවත්වාගෙන යමින් වසර හතරක් තුළ එම ගිණුම් හරහා ලක්ෂ 600 ක මුදලක් සංසරණය කළ කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 29 July 2021
නිරෝධායනය කැඩූ 112 පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 112 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 July 2021
මනම්පිටියේ අනතුරකින් දෙදෙනෙක් මරුට පොලොන්නරුව මනම්පිටිය - දළුකනවාඩිය මාර්ගයේ දි අද අලුයම යුද හමුදා බස් රථයක් හා ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 29 July 2021
ඇමැති නම විකුණා මුදල් ගැරූ අයෙක් අල්ලයි රජයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා කළ පුද්ගලයකු කැලණියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 29 July 2021
ආයෝජන ප්‍රවර්ධනයට ඒකාබද්ධ ක්‍රමවේදයක් ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 28 July 2021
ලන්ච්ෂීට් තහනමට සුපිරි වෙළඳසැල් සහය කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන් එකඟතාව පළ කර ඇත. 28 July 2021
කොරෝනා මරණ තවත් 63ක් කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) පස්වරුවේ තහවුරු කළේය. 28 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,919ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 539 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 July 2021
මියගිය දැරියගේ දෙවන මරණ පරීක්ෂණයට ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරි සේවයේ යෙදී සිට 16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 July 2021
ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 28 July 2021
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,380 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 July 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් සෙනසුරාදා මෙරටට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 28 July 2021
ගෑස් හිඟයක් ඇතැයි බියවී ජනතාව ගෑස් එක්රැස් කරති ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් පාරිභෝගිකයන් ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගබඩා කරගැනීමට පෙළඹීම නිසා ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ ගෑස් හිඟයක් නිර්මාණ වී ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 July 2021
රන්ජන්ගේ මාදිවෙල නිවෙස මනුෂ ගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට බාරදුන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි. 28 July 2021
මුදල් ඇමැතිගේ මුදල් සංශෝධන පනතට සංශෝධන කිහිපයක් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක්කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දන්වා සිටියේය. 28 July 2021
සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් අගෝස්තුවේ මෙරටට චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි චීනයේ බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 28 July 2021
ගීතා දෙවියන්ගෙන් වරමක් ඉල්ලයි ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය. 28 July 2021
‘‘ප්රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ‘‘ විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 28 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026