(ඩයනා උදයංගනී)

උසස්පෙළ විභාගය සම්බන්ධ ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වනබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත්, නිවැරදි කාලසටහන විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙතින් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක් කරයි.