IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දැරියන් බේරගන්න ගිය කොටදෙණියාවේ යුවළක් කපා කොටා දමලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සිවු දෙනෙකුගෙන් යුත් මැර කල්ලියක් කොටදෙනියාව වත්තෙගෙදර නිවසකට කඩා වැදී  තෙහැවිරිදි හා සය හැවිරිදි දැරියන් දෙදෙනෙකු කපා කොටා මරා දැමීමට සැරසෙද්දී ඊට විරෝධය පෑ අසල්වැසි යුවළක් කඩුවෙන් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.

කොටදෙණිය පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී මෙම යුවළට කඩුවෙන් කොටා බරපතළ තුවාල සිදුකර ඇත්තේ එම දැරියන් දෙදෙනා ඝාතනය කිරීමට යාමේදී ඊට විරෝධය දැක්වීම හේතුවෙන් බව පෙරේදා (19) අනාවරණය වූ බව පොලිසිය කීය.

ඉකුත් 15 දා රාත්‍රියේ තම ජීවිතය පරදුවට තබා කුඩා දැරියන් දෙපලගේ දිවි බේරා ගැනීමට යාමෙන් මෙසේ කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජී.ජී. වික්‍රමසිංහ 68 මහතා සහ ඔහුගේ බිරිය වන ඊ.කේ. කුසුමාවතී 67 මහත්මියයි. 

 වික්‍රමසිංහ මහතා හිසේ මුහුෙණ් හා අත්වල දරුණු කැපුම් තුවාලවලට ලක්ව මේවනවිට වතුපිටිවල මූලික රෝහලේ 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර ඔහුගේ  බිරිය ෙග් අතක ඇගිලි කැපී වෙන්වී ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව කොටදෙනියාව පොලිසිය සදහන් කරයි.  

ඔවුන් දෙදෙනා මේ මැර පිරිසට විරෝධය නොපාන්නට කොටදෙනියාව පොලිසියෙන් තවත් සේයා ඝාතනය වැනි දැරියන් දෙපළකගේ ඝාතනයක් වාර්තාවීම වැළැකී ගිය බව ප්‍ර ෙද්ශවාසීහු පවසති.

 එකම පවුලක සහෝදරයන් තිදෙනෙකු ඇතුලු සිවු දෙනෙකු මෙම මැර පිරිසට එක්ව සිට ඇති අතර ඉන් දෙදෙනෙකු සිවුරු හැද සිට ඇතැයිද හෙළිවී ඇත. මෙම ස්ථානයේ සිදුවීමක් පිලිබදව පරීක්ෂණයට පැමිනි පොලිස් පිරිසක් ආසන්නයේ රැදී සිටියදී මෙම අපරාධය සිදුවී ඇතැයි හෙලිවී ඇති අතර වහා ක්රි යාත්මකවූ පොලිසිය සැකකරුවකු අත තිබූ කඩුවක් වැනි අවියක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඒ අතර සැකකරුවන් පලාගොස් ඇති බවද හෙළිවේ. 

මෙම සාහසික අපරාධයෙන් අනතුරුව සැකකරුවන් සිව් දෙනා ආසන්නයේ මෝලක සිව්රක් එලා ඒ මත නිදා සිටියදී ප්‍රදෙශයේ ජනතාව ඒ ස්ථානය වටලා   සැකකරුවන් දෙදෙනකු අල්ලා ගෙන ඇතැයිද පොලිසිය කියයි.

පලාගිය දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි කෙතාටදෙනියාව පොලිසිය කියයි. මේ තත්ත්වය මත එම ගම්මානයේ  වැසියන් දැඩි බියට පත්ව නිවෙස්වලට වී දොර අගුල්ලා සිටීමට පෙළැඹි ඇතැයිද වාර්තාවේ. 



අදහස් (11)

දැරියන් බේරගන්න ගිය කොටදෙණියාවේ යුවළක් කපා කොටා දමලා

Marikkar Sunday, 20 February 2022 12:44 PM

සිවුරේ ගෞරවයත් ටිකෙන් ටික නැති වෙනවා..!!! භික්ෂූන් වහන්සේලාට හිමිවෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධව නැවත ඇගයීමක් අවශ්‍යයි.

:       185       34

නවූෆර්.Sunday, 20 February 2022 03:04 PM

මරික්කාර්, අපට බෞද්ධයින්ගේ වැඩ ගැන අවබෝධයක් නැහැනේ.. ඒ නිසා අනුන්ගේ වැඩ කටයුතුවලට හොට නොදා අපි අපේ වැඩක් බලාගමු නේද? නොදන්නා දෙමළ කතාකරන්නට ගිහිල්ලා වරිගේ නසාගන්නේ මොකටද නේද?

:       6       23

MarikkarSunday, 20 February 2022 05:58 PM

ඔබගේ ආගමික අනන්‍යතාවය පසෙක තබා ශ්‍රී ලංකිකයෙකු ලෙස සිතීමට උත්සාහ කරන්න.

:       1       12

SenakaSunday, 20 February 2022 07:21 PM

පොලිස් ඇඳුම්, හමුදාවේ ඇඳුම් ඇඳන් මිනිස්සු මංකොල්ල කාපුවා ඕනතරම් මේ රටේ වෙලා තියෙනවා. ඉතින් හොරුන්ට රුපියල් 1000ක් දීලා සිවුරක් ගන්න එක මහ දෙයක් නෙමේ. එක පාරක් හිරේ හිටපු පාතාල නායකයෙක් මරන්න අනිත් පාතාල කණ්ඩායම පොලිස් ඇඳුම් ඇඳන් බන්ධනාගාර බස් එක නතර කරලා වෙඩි තිබ්බේ. අන්න ඒක තේරුම් ගත්තේ නැත්තන් ඉස්සරහට පූජක ලෝගුව දාගෙන හොරු ආවම මොකද කරන්නේ කියලත් පොඩ්ඩක් හිතලා තියාගන්න...

:       0       6

Prabha Sunday, 20 February 2022 08:31 PM

මාලිගාවත්තේ හිටපු මැරයෙක් හිජාබය ඇඳගෙන යද්දී එස්.ටී.එෆ්. එකෙන් කොටුකර ගත්තා මතකද? එහෙමනම් අපි හිජාබය තහනම් කරමු...

:       0       0

sharm warnMonday, 21 February 2022 12:45 PM

මරික්කාර් ඔබ නිවැරැදියි. ඔබේ කතාවට අකැමැත්ත පලකරපු ඒ කට්ටිය අර මැර කණ්ඩායමේ සාමාජිකයෝ කියලා තමයි හිතෙන්නේ.

:       1       0

Henbanda Sunday, 20 February 2022 01:59 PM

ඔබ දෙපලගේ වීර ක්‍රියාවට අපගේ ගෞරවනීය උපහාරය. දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!

:       1       41

lanka Sunday, 20 February 2022 04:15 PM

අද පොලිසියක් තිබුණාට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. එබැවින්, මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩදිය යුතුයි.

:       28       8

Jayawathie Sunday, 20 February 2022 05:00 PM

උදව් කළාට ස්තුතියි... ඉක්මණින් සුව වේවා..!!!

:       0       9

Bunny Preena Monday, 21 February 2022 09:51 AM

හිත උනුවෙන යුවලක්... වරදක් දුටු තැන එයට විරුද්ධව අසරණ දරු දෙදෙනා බේරාගැනීමට ඔබ දෙදෙනා කළ එඩිතර ක්‍රියාව බොරු වීරයෝ වගේ හැසිරෙන, එහෙ නැතිනම් නොදැක්කා වගේ හැසිරෙන අනිත් අයට හොඳ ආදර්ශයක්. මෙවැනි දේවල් බොහෝකලක සිට සිදුවෙනවයි ජනතාව කියන්නේ. පොලිසිය මෙච්චරකල් නිදාගෙනද දන්නේ නැහැ හිටියේ...!

:       0       1

SUNIL MILANO Monday, 21 February 2022 02:06 PM

කාරුණික ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබේවා. කළ වීර ක්‍රියාව පැසසුමට ලක්කර මුදල් ප්‍රදානයක්ද දිය යුතුයි. ඔබ දෙපළට බුදු සරණයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 370 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site