(ආරියදාස කොඩිතුවක්කු)
වීරකැටිය කිංචිගුණේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ ආයුධ, අත්බොම්මබයක්, යතුරුපැදියක් සහ මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වීරකැටිය, මැදමුලන, කිංචිගුණේ බටහිර පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමට 18 රාත්‍රිෙය් පැමිණි කොල්ලකරු සමග වෛද්‍යවරයා පෙරබැද ඇති අතර වෛද්‍යවරයාගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කොල්ලකරු අල්ලා ගස් බැද වීරකැටිය පොලිසියට බාරදී ඇත.
කොල්ලකරු සතුව තිබූ විදේශීය රටක නිෂ්පාදික අත්බොම්මයක්, සෙල්ලම් පිස්තෝලයක්, මන්නා පිහියක්, උල්පිහියක්, කොල්ලකන ලද රුපියල් දස දහසක මුදලක්,කොල්ලය සදහා ඔහු පැමිණ තිබූ පල්සර් වර්ගයේ යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන වෛද්‍යවරයා සිද්ධිය වීරකැටිය පොලිසියට පැමිණිළිකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ගස් බැඳලා හරියන්නේ නැහැ. අඬු දඬු කඩලා තමයි ගස් බඳින්න ඕනෑ.. මේවගේ දේවල් කරන්න බලාගෙන ඉන්න අයට වෙනදේ ගැන දැනගන්න...
මැදමුලන කිව්වොත් ඉතින් හොරු, මංකොල්ල කාරයෝ තමයි.. වෙන මොක්කුද?
මටනම් සැකයි.
බලාපල්ලා ජරාපක්ෂලාගේ කෙනෙක් වෙන්න ඇති. හැමතැනම හොරකම්, මංකොල්ලකෑම් කරන ජාතියක්...
හොඳ වෙලාවට නම් දැම්මේ නැත්තේ.. නැත්තන් කීයක් කියලා දාන්නද?
බටලීයෙන් කජු... මැදමුලනින් හොරු...
ඕක නුඹේ වරද නොවේ. නුඹ හැදුණු වැඩුණු ගමේ වරද. නුඹ ඔය ගමේ අනිත් අය වගේ ටයි කෝට් දාලා, ප්‍රාඩෝ එකකින් ගිහිල්ලා හොරකම්, මැරකම් කරනවා. හෙට නුඹ නිදොස් කොට නිදහස්. අන්න ඒකයි රටේ තත්වේ..!
වාසගම මොකක්ද දන්නේ නෑ...?
අනිවාර්යයෙන් ඕකට සෙට් එකේ ලේ නෑකමක් ඇති. හොරෙක් නං වලව්ව සම්බන්ධයි... අනිවා...!