IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මානව හිමිකම් කඩවීම් සොයන කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට

(සුජිත් හේවාජුලිගේ )

මානව හිමිකම් කඩවීම් සිදුවී ඇත්දැයි සෙවීමට පත්කළ  කොමිෂන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව  එම කොමිසමේ සභාපති   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම් නවාස් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (18) පිරිනමනු ලැබීය.

මෙම  වාර්තාව පිටු එකසිය හතකින් සමන්විතය.

කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව  ජනාධිපති වරයාට පසුගිය වසරේ ජුනි මස  21  වෙනිදා බාරදෙනු ලැබීය.



අදහස් (10)

මානව හිමිකම් කඩවීම් සොයන කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට

දාස Saturday, 19 February 2022 11:23 AM

මොනවද මේ විකාර? මානව හිමිකම් කඩන මනුස්සයා අතටමනේ මේ වාර්තාව බාරදෙන්නේ? ගැමි වහරේ ඕකට කියන්නේ, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා...!

:       29       35

Don perea Saturday, 19 February 2022 01:34 PM

මෙයා නොදන්නම විෂයක්...!

:       43       24

ලුම්බිණි Saturday, 19 February 2022 01:56 PM

කෝ අර දවස් 30න් එනවා කියපු පැන්ඩෝරා වාර්තාව?

:       14       22

sam Saturday, 19 February 2022 02:08 PM

ලංකාවේ මානව හිමිකම් කඩවෙන්න පටන්ගත්තේ මේ ආණ්ඩුව බලේට ආවට පස්සෙනේ. ලෝකෙම දන්නවා ජරාපක්ෂලාගේ කෙරුවාව.. මේ අය හොර සාටකේ දාගෙන සුදු ඇඳගෙන එක එක පාට නූල් ඇඟපුරාම එල්ලගෙන, රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරන අතර රට හූරන් කනවා. වෙන දන්න දෙයක් නැහැ.

:       64       22

අප්පුහාමි Saturday, 19 February 2022 04:23 PM

මානව හිමිකම් කඩවීම් ගැන නම් කියලා වැඩක් නැහැ. මම දන්නවා ගුරුවරියන් දෙන්නෙක් එකම ශ්‍රේණියේ එකම වැටුප් තලයේ වැටුප් ලබා එකම මාසයේ විශ්‍රාම ගත්තේ සමාන වැටුප් ඇතිව... නමුත් 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය අනුව එක් අයෙකුට වඩා අනෙක් තැනැත්තිය මාසිකව රුපියල් 6500 ක් පමණ වැටුපක් ගන්නවා.. මේ බව බලධාරින්ට දන්වා මාස ගණනක් ගතව ඇතත් මෙතෙක් කිසිම පිළිතුරක් දීමට වගකිවයුතු අය කටයුතු කර නැතිබව දැනගැනීමට තියෙනවා...

:       11       14

අප්පුහාමි Sunday, 20 February 2022 04:27 AM

සත්‍යම දෙයටත් ඩිස්ලයික් දාන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැරි අය සිටින රටක මානව හිමිකම් කෙසේ ආරක්ෂා වේවිද?

:       13       3

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 February 2022 07:54 PM

ජනපතිතුමනි, ඔබතුමා කරුණාකර රටේ සැබෑ යථාර්ථය ගැන පෞද්ගලිකවම සොයා බලන්න. එවිට මානව හිමිකම් කඩවීම් ගැන සොයාගන්නට පුළුවන්. ඔබතුමාගෙන් වැඩි ලකුණු දාගන්න සමහර දෙනා කරනා වැඩවලින් රටේ ජනතාව කළකිරෙන්නේ ඔබතුමා හා රජය ගැනයි. සමහර අය කරන්නේ රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මදුරුවාට කඩුවෙන් කෙටුවා වගේ නුසුදුසු වැඩ. මේ රටේ සමාජ මාධ්‍ය ජාල ඔබතුමාට බලයට එන්නට විශාල සහයෝගයක් දුන්නා. ඒත්, අද සමාජජාලා සමහර ක්‍රියාකාරීන් ඉන්නේ නොසන්සුන්කමින්. මේ රටේ කීර්තිමත් උගතෙකු වන එක්තරා පුද්ගලයෙකු ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා අද ඔහුට ප්‍රශ්න ඇති වෙලා. මාගේ මිතුරෙකුද වන ඔහු වටා සිටිනා පිරිස් මේ නිසා ඉන්නේ මහත් කළකිරීමෙන්... සමහර දෙනා බලය අනිසිලෙස යෙදවීමෙන් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්නව තිබුණා. ඇතැම් දෙනා හිතුමතේට කරනා වැඩ නිසා පිරිහෙන්නේ රජයයි. මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි. ස්තූතියි...!

:       2       11

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 February 2022 07:51 AM

මානව හිමිකම් කඩවීම් ගැන තවත් කුමට සොයන්නද? මේ කාලේ රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අයට කරදර ඇති වුණා නොවේද? බලයට එනවිට උදව්කළ සමාජ මාධ්‍ය ජලා ක්‍රියාකාරිකයන් අද පේන්නේ වහකදුරු වගේ... විවේචනය ගරු කරන්නේ නැහැ. විවේචනය රුස්සන්නේ නැති නම්, දේශපාලනය කරන්නේ කොහොමද? සොයා බැලිය යුතු කරුණක් වන්නේ, විවේචනයට ලක්වන්නේ ඇයිද කියලයි. වරද නිවැරැදි කරගත් විට සමාජයේ පැසසුමට ලක්වන බව දැනගැනීම වැදගත්. හමුදාවේ අත්දැකීම් ඇති පොලිස් ඇමැති, පොලිස් රාජකාරි හා නීතිය ගැන කරනා සමහර දේ නිසා ගැටළු ඇතිවෙන බව පෙනෙනවා. පොලිස් රාජකාරි හා නීතිය ගැන හොඳින් දන්නා කෙනෙකු මේ සඳහා පත්කිරීම රජයේ කීර්තිය ඇතිවීමට හේතු විය හැකියි. එය රටේත් ජනතාවගේත් යහපතට හේතු වන්නේය....

:       16       7

Demuni Uduwara Sunday, 20 February 2022 07:55 AM

ලංකාවේ මානව හිමිකම් තියෙනවාද?

:       14       4

69lakshaya Sunday, 20 February 2022 11:30 PM

සර්... සර්ට ඕනෑ විදිහට වාර්තාව නැතිනම් ඕක ඔහොම්ම දාන්න කුණු කූඩෙට... මානව අයිතිවාසිකම්... බටහිර මලවිකාර...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site