එක්ස්ප්‍රස් පර්ල් නැවෙන්වූ විනාශය සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ශ්‍රී ලංකාවේ සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදුවූ හානිය, ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවිශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දෙනු ලැබ ඇත. 28 July 2021
‘‘ජනතාවගේ හිස මත ගෑස් ප්‍රශ්නයකුත් පටවලා‘‘ ජීවන වියදමෙන් බැටකන ජනතාවගේ හිස මත ගෑස් හිඟයක් පටවා ආණ්ඩුව ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය. 28 July 2021
හරීන් පැය 5 ක ප්‍රකාශයෙන් පසු සී.අයි.ඩී යෙන් පිටව යයි පාස්සකු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීම් ප්‍රනාන්දු මහතා පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියේය. 28 July 2021
කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලක් තරුණියන් අටකගේ නිරුවත් ඡායා වත්තල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය කොල්ල කෑ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සැකකරුවන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසාභ්‍ය විඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත් අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි. 28 July 2021
ගිනි නිවන හමුදාවේ දෙකකටත් කොවිඩ් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු මුලස්ථානයේ සේවකයන් දෙදෙනකු ට අද (28) කොවිඩ් ආසාදිතවී ඇති බවට තොරතුරු තහවුරු ඇතැයි එම සේවා දේපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 July 2021
’’රංජන්ට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු ඉදිරිපත් කර නෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 28 July 2021
වාහන ලියාපදිංචියේදී රජයට කෝටි 150ක පාඩුවක් විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් කෝටි එකසිය පනහකට අධික මුදලක් අහිමිව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ. 28 July 2021
රන්ජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් නම් එය ඉතා හොඳ දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 July 2021
බන්දුලගෙන් හාල් ගැන පොරොන්දුව මෙම සතියේ සිට රතු කැකැළු සහල් කිලෝවක් රුපියල් 88 බැගින් ඕනෑම ප්‍රමාණයක් සතොස වෙළෙඳසල්වලින් මිලදී ගතහැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය. 28 July 2021
හෙද හෙදියෝ කෑම පැයේ වැඩ වරති හෙද සේවාවට බලපාන වෘත්තීය ගැටළුවලට රජය ලබදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රටපුරා තෝරාගත් රෝහල් සියයක අද දහවල් විරෝධතාවක පැවැත්වීය. 28 July 2021
ලුණුගල ප්‍රා.ලේ කාර්යාලයේ පහකට කොරෝනා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පස් දෙනකුට කොවිඩ් රෝගය වැළදි ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 28 July 2021
ඔලිම්පික් බේස්බෝල් තරගාවලියට පන්දුව අපෙන් ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වීම වඩාත් කැපී පෙනේ. 28 July 2021
හෝමාගම ප්‍රා.සභාවේ සජබ මන්ත්‍රීවරු එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ හෝමාගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකු නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා පැවැසීය. 28 July 2021
“රිෂාඩ්ගේ ගෙදර වැඩට විටින් විට දැරියන් 11 සපයලා’’ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු ගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 July 2021
ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම් රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 28 July 2021
රටවල් පහක නියෝජිතයෝ බැසිල් හමුවෙති රටවල් පහක මෙරට තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් අමාත්‍යාංශයට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. 28 July 2021
හරීන් සී.අයි.ඩි.යට යයි යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා ‘පාස්කු’ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 28 July 2021
’’කෘනාල්ගේ ආශ්‍රිතයන්ට කොවිඩ් නෑ’’ ‘කොවිඩ්’ ආසාදිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු කිසිඳු ක්රීඩකයකුට හෝ නිලධාරියකුට ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබේ. 28 July 2021
හෙද නිලධාරීන් කෑම පැයේ වර්ජනයක් රජයේ හෙද නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය තව දුරටත් කල්මැරීමට විරෝධය දක්වමින් අද (28) ශ්‍රී ලංකාව පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 28 July 2021
රට රැකියාවලට යන අයට එන්නත යුද හමුදා රෝහලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශයන්හි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද ආරම්භ කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 28 July 2021
නිරෝධායන නීති කැඩූ 124ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 July 2021
‘‘හිඟ බදු ගන්න හැටි මසක් ඇතුළත කියන්න‘‘ හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත . 28 July 2021
අදත් වැසි සහ තද සුළං බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2021
මෙහෙකාරකම් කරන දරුවන් ගැන සොයයි කොළඹ හා අනිකුත් ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සිටී නම් 0112433333 අංකයට දැනුමි දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 28 July 2021
මග මරුවා ඊයෙ 10 දෙනකු බිලි ගනී ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස්ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 July 2021
කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ දී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 28 July 2021
ගෘහ සේවයට නව නීති:අර්ථ සාධකයත් එයි යම් පුද්ගලයෙකු සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 28 July 2021
ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 27 July 2021
විස්සයි20 තරගවල ඉරණම පී.සී.ආර්. ප්‍රතිඵල මත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වනවාද නැද්ද යන තීරණය හෙට (28) පෙරවරුවේ ලැබීමට නියමිත ඉන්දීය ක්‍රීඩකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල මත රදාපවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය. 27 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,688ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026