
(සනත් ගමගේ)
පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන තරුණයකු අම්බලන්තොට කිවුල මිණිඇතිලිය ග්‍රාමසේවා වසමෙන් අපට හමු විය.
වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ආර්.පී චමිඳු කුමාර නොයෙක් අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවීධ නිර්මාණ කිරිමට දක්ෂයෙකි.
පොල් කටු ඉතාම සියුම් ලෙස කපා අත් ඔරලෝසුවේ මුහුනත හා පටිය පොල් කටුවලින් සකස් කර අත් ඔරලෝසු මැෂිම සවිකර මනරම් ලෙස එම අත් ඔරලෝසු නිර්මානය කර ඇත.
සිය නිර්මාණ ගැන චමිඳු කුමාර දක්වන්නේ මෙවන් අදහසකි.
මම වෘත්තියෙන් වඩු වැඩ කාර්මිකයෙක්. වඩු වැඩ කරන අතර එම උපකරණම යොදාගෙන විවීධ නිර්මාණ හදනවා. අලුත සිදුක නිර්මානය පොල් කටුවලින් අත් ඔරලෝසුවක්. මෙය තරමක් අසීරු කාර්යයක්. මගේ ලඟ තියන බර ආයුධවලින් තමයි මෙය කරන්නේ. දැනට මෙම ආයුධවලින් ඔරලෝසුවක් හදන්න දින හයක් පමන ගතවෙනවා.
මේ ඔරලෝසුව කිසිම වෙනසක් නැහ. මැෂින් එක නරක් වුනත් ගලවල වෙනත් මැෂින් එකක් සවිකරගන්න පුළුවන් ඔරලෝසුවේ මුහුණත සහ පටිය තනිකරම පොල් කටු වලින් හදල තියෙන්නේ.
මට සියුමු උපකරණ තියනවානම් මීට වඩා කාලය අඩුවෙන් වැඩි ඔරලෝසු ප්‍රමානයක් හදන්න පුළුවන්. මෙම ඔරලෝසු දෙශිය වෙළඳ පොලට මෙන්ම විදේශීය වෙළඳ පොලටත් ගැලපෙනව. තවම මම අලවි කිරීමක් කරල නැහැ. මහන්සියත් සමඟ සාධාරණ මිලකට අලවි කරන්න බලා පොරොත්තු වෙනව. ඊට කලින් මෙම අත් ඔරලෝසු ජාතික ශිල්ප සභාවේ නව නිර්මාණ තරඟයට යොමු කරන්නත් බලා පොරොත්තු වෙනවා.
2019 වසරේ දී ජාතික ශිල්පසභාව පැවැත් වු නිර්මාන තරඟයට ඉවත ලන වාහන ටයර් යොදාගෙන පුටු සෙටියක් නිර්මානය කළා එය සමස්ථ ලංකා මට්ටමින් ජයග්‍රහනය ලැබුවා.
මගේ බලාපොරොත්තුව මෙලෙස ඉවත ලන දෑ උපයෝගි කරගනිමින් ආර්ථිකමය වටිනාකමක් ඇති එමෙන්ම නිර්මාණ ශිලි දෙයක් සකස් කිරීම. ඒ අනුව සකස් කළ ඔරලෝසුවෙන් ද මෙරටට ඩොලර් ගෙන ඒමට හැකිවන බවට මට විශ්වාසයක් තිබෙනව. ඒ සඳහා අත හිත ලබා දුන්නොත් නිෂ්පාදනය කිරීමට හැකියාව මට තියනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි... මට පුළුවන් ඔයාට උදව් කරන්න...!
පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන නිර්මාණශීලි තරුණයාගේ දක්ෂතාවය අගය කරන අතර, ඔහුව ශක්තිමත් කිරීම රජයේ වගකීමකි..
හරි අපුරුයි.. කොහෙන්ද මිලට ගන්න පුළුවන්?
දකුණේ තිබෙන හොඳ සංචාරක හෝටලයකින් අනුග්‍රහය දක්වලා එම හෝටලේම අලෙවි සැලක් පිහිටෙව්වොත් හෝටලයටත් හොඳ ආදායමක් ලැබේවි. නිෂ්පාදනයටත් හොඳ ආර්ථිකමය වාසියක් ලැබේවි...!
ඉතාම අගේ කළ යුතු අගනා නිෂ්පාදනයක්. කවුරු හරි මෙතුමාට මෙම භාණ්ඩය ලෝක වෙළඳපලට හඳුන්වා දීමට කටයුතු කරන්නේ නම්, මෙතුමාටත්, ශ්‍රී ලංකාවටත් එය අනගි අවස්ථාවක් වේ.