අල්ලස් නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු දෙදෙනා නිදහස් ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ සිට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්නි අද නිදහස් කළේය. 27 July 2021
කරවල වාඩිවල සිටින දරුවන් සොයා පොලිස් මෙහෙයුමක් මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමටද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. 27 July 2021
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (26) රාත්‍රීයේ කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 27 July 2021
පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශ ගන්න මන්ත්‍රී හරීන් සී.අයි.ඩීයට කැඳවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. 27 July 2021
කොරෝනා පාලනයට කෝටි 1184ක් ගැනීමේ යෝජනාව මැතිසබයට කොරෝනා පාලන කටයුතු සඳහා රුපියල් කෝටි 1184ක පරිපූරක මුදලක් අනුමත කර ගැනීම සඳහාවූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 27 July 2021
විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි විදේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ(26) ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 27 July 2021
“සාධාරණ සමාජයක්’’ ජාතික ව්‍යාපාරයට තවත් සිවිල් සංවිධාන කිහිපයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව අසාධාරණයට පත්වන සමාජ පුරවැසියන්ට සාධාරණත්වය ලබා දීම උදෙසා සම්බන්ධ වී කටයුතු කිරීමට තවත් වෘත්තීය සමිති සහ සහ සංවිධාන කිහිපයක් එක්විය. 27 July 2021
කතාබහට ලක්වූ මුදල් පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව ඇති මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත . 27 July 2021
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිතා කළොත් වැඩවරදී සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන සංචාරක මාර්ගෝපදේශකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 27 July 2021
චීනයේ ලොකුම එන්නත් තෑග්ග අද උදේ කටුනායකට චීන රජය ප්රදානය කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් විදීමට යොදා ගන්නා සිරින්ජර ලක්ෂ16ක් දිවයිනට අද (27) උදෑසන රැගෙන එනු ලැබීය . 27 July 2021
ළමා ශ්‍රමිකයන් 45,000ක් මෙහෙකාර සේවයේ වයස අවුරුදු 18ට අඩු ළමයින් 45000 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බලකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. 27 July 2021
සේලයින් ගෙන්වීම නැවැත්වීමට කැබිනට් අනුමැතිය විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවත්වන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 27 July 2021
නිරෝධායන නීති කැඩූ 123ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 123ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 July 2021
වංචා රැසකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ මහනුවර ප්‍රදේශයේ වාහන සහ මුදල් වංචාවන් රැසකට සම්බන්ධ සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 27 July 2021
‘‘විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා‘‘ ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය . 27 July 2021
අද දින තද සුළං සහ තද වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 July 2021
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. 27 July 2021
දිසා කීපයක ගම් කීපයක් නිදහස් කරයි කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 27 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 July 2021
බැසිල්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම අද කැඳවෙයි මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම අද(27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවේ. 27 July 2021
හොර නෝට්ටු සමග අයෙක් මාට්ටු කටුනායක ප්‍රදේශයේ දී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් 6 ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 July 2021
වැඩකාර කමට ගත් දරුවන් සොයන්න මෙහෙයුමක් බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 27 July 2021
ඔන්ලයින් පන්ති දරුවන්ගේ ඇස් ලෙඩ කරයි දරුවන් දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනයේ නිතරවීම නිසා ඔවුනට අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් ඇතැයි කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානී වේවැල්ල මහත්මිය පවසන්නීය. 27 July 2021
අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ මහතා අභාවප්‍රාප්ත විය. 27 July 2021
කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීම සඳහා ‘‘අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය‘‘ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 27 July 2021
ගුරු වැටුප් ගැටළුව ලබන අයවැයෙන් විසඳයි ගුරු -විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 27 July 2021
මැතිසබයේ ආහාර නාස්තිය වැලැක්වීමට ඉහළම අවධානය පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය සහ අපතේ යෑම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි . 26 July 2021
මැතිසබේ මැතිවරණ සභාවට උපදෙස් ගන්න විශේෂඥ කමිටුවක් මැතිවරණ ක්රමයේ සහ මැතිවරණ නීතියේ වෙනස්කම් සිදුකිරීමට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. 26 July 2021
අද ආසාදිතයන් 1653ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 635 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2021
ලෝක කඩොලාන දිනයදා නාවික හමුදාවෙන් පරිසරයට තිළිණයක් ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදා විසින් අද (26) වෙරළ පිරිසිදු කිරීමේ සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කෙරිණි. 26 July 2021
එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයන් තිදෙනා පංච පුද්ගල විනය කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 26 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026