
(ඩයනා උදයංගනී)
කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ අද (17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය තුනක පමණ ප්‍රකාශයක් ලබාදුන්හ.
පාස්කු ප්‍රහාර සිද්ධියට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වගකිවයුතු බවට සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට ජූඩ් ක්‍්‍රිෂාන්ත පියතුමන් පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කර තිබූ අතර, ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පියතුමන් මෙසේ කැඳවා තිබිණි.
ඒ අනුව පියතුමෝ පෙරවරු 9.45 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔහු ඊට වගකිවයුතුනම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් එහිදී ඉල්ලා සිටි බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ පැවසූහ.
තමන්ගේ ඉල්ලීමට එම නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බව ද පියතුමෝ කීහ.
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් මේ බව පැවසුවේ ප්‍රකාශය ලබාදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම, මේ ප්‍රහාරය සිදුවූ කාලයේ විධායක ජනපති, සේනාධිනායක හා පොලිස් ඇමැති ලෙස කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. අඩුම තරමේ හිටපු අගමැතිවරයාව හෝ ආරක්ෂක රැස්වීම් වලට ඔහු කැඳෙව්වේ නැහැ. මේ ප්‍රහාරයට හිටපු ජනපති වගකිවයුතු නොවේ නම්, කව්ද වගකිවයුතු වන්නේ .. ? රටේ ජනතාවද?
එතකොට ප්‍රසන්නවයි ,මෛත්‍රී වයි ගෙන්වන්නේ නැද්ද ?එයාලාගෙන් පැය කීයක් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවද?ෂෙහාන් මාලකව දවස් 8 ක් ගෙන්නුවානේ
ඒක වෙන්න නම් නිදහස් ආණ්ඩුවෙන් ඉවත් වුණොත් විතරයි. නැතිනම් ඉතින් කතා විතරයි..!
අනේ මන්දා....ගිහින් අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට විරුද්ධව අත්සන් පාරකුත් දැම්මාම නිකම් අළුකෙසෙලුයි, කැවුමුයි වගේ...!