(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේ නියමිත දින හතරම (22වැනිදා සිට 25 වැනිදා දක්වා) රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
එම කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස් විය.
මේ අනුව නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් ලබන 22 වැනිදා අඟහරුවාදා දිනයේද විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් 23 වැනිදාදා විවාදයට ගැනීමට නියමිතය.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක් ද ගස් හෙලීමේ පාලන පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් පත්කිරීමේ නියෝගයක්ද ලබන 24 වැනිදා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙයට අමතරව ආනයන හා අපනයන( පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක්ද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා එදින ඉදිරිපත් කෙරේ.
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් 25 වෙනිදා සිකුරාදා පැවැත්වෙන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් තියේද දන්නේ නැහැ .බල්ලෝ රංචුවක් දාලා ඉන්නවා බුරන්න.මොනවා හරි ජල්තර පනත් ටිකක් අනුමත කරගෙන මොනවා හරි කාට හරි විකුණයි .එච්චර තමයි .නිකන් මහජන මුදල් කාබාසිනියා කරන එක විතරයි .කොවිඩ් හැදිච්ච දෙතුන් දෙනෙක්ව හොයලා සභා ගැබට යැවුවා නම් හරි
අහෝ කේදයකි .තව කීයක් හරි පොදු ජනතාවට නැතිවෙන්නයි යන්නේ