කොතලාවල පනතට එරෙහිව සංවිධාන 67 ක සන්ධානයක්
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඔස්සේ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්රමුඛ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ආගමික සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශවයන් 67 ක සන්ධානයක් ලෙස ‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාර’ ලෙස සංවිධානයක් වැඩ ආරම්භ කර තිබේ.