
(යොහාන් භාසුර)
යාපනය දිස්ත්‍රිකක් ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කළේය.
රජයේ ප්‍රකාශනය කාර්යාංශයේ 7 වැනි ශාඛාව ලෙස විවෘත කළ මෙම කාර්යංශයෙන් පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපන කටයුතු නිරතවන්නට සහ රජයේ සේවකයින් ඇතුළු වෘත්තීයවේදීන්ට යාපනයේදීම රජයේ සියලු ප්‍රකාශන මිලදීගැනීමේ අවස්ථාව උදාවේ.
මෙම විවෘත කිරීමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ යාපනය දිස්ත්‍රික් ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් අතර හමුවක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd