
(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් 15 මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වෙයි.
මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවකි.
තමාගේ සිරුරට ආරූඪවී ඇති ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා ඇත.
සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර ඇත.
පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට ඇවිල්ලාත් පුතාව මානසික වෛද්‍යවරයෙක්ට යොමු නොකළේ ඇයි?
භූතයාගේ කරපිටින් දාලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ... සිදුවෙලා තියෙන්නේ මනුෂ්‍ය ඝාතනයක්... නිසි දඬුවම් ලැබේවි රටේ නීතිය හැටියට..
මෝහයෙන් මුදවාගෙන දරුවන් හැදීම සෑම දෙමාපියන්ගේම වගකීමක්. මේ මනුස්සයාට නම් මානසික රෝගයක්ද දන්නේ නෑ. අධික මෝහයත් මානසික රෝගයක් තමයි. අමනුස්ස බලවේග එක්ක ගණුදෙනු කරන එකත් මෙවැනි විපාක වලට හේතුවෙනවා.