රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව බ‍්‍රහස්පතින්දා තහවුරු කළේය.
රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප‍්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත‍්‍රිකයා රටින් පිටුවහල් කර ඇත.
මධ්‍යම හා නැගෙනහිර යුරෝපයෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියාව එක්සත් ජනපදයට ප‍්‍රකාශ කළ බව රාජ්‍ය ප‍්‍රවෘත්ති ඒජන්සියක් බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ රුසියාවට යුද්ධයක් අවශ්‍ය නැතත් යුක්රේනය නේටෝ සංවිධානයට බඳවා නොගන්නා බවට සහතිකයක් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය යුක්රේනයට යුද සැපයුම් ලබාදීම නතර කළ යුතු බවද යුක්රේන දේශ සීමා අසල රුසියානු හමුදා රඳවා ඇත්තේ තම රටේ ආරක්ෂාවට බවත් එම හමුදා ඉවත් කරගැනීමට ප‍්‍රථම තමන්ට සහතිකයක් අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවතකු තවත් බලවතකු සමග යුද ප‍්‍රකාශ කරනවිට දුබලයින්ට සිදුවන්නේ පැත්තක් නොගෙන නිකම්ම බලාගෙන සිටීමයි. හැබැයි යුද්ධයක් ඇතිවුණත් එහි ප්‍රතිවිපාකවලට දුබල රටවලටත් මුහුණදීමට සිදුවීම කණගාටුවට කරුණක්...