මාධ්‍යවේදීන්,සිවිල් ක්‍රියාකාරිකයින්,දේශපාලන ක්‍රියාකාරිකයින් දේශපාලන සංවිධානය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව  විවිධ මර්දන ක්‍රියාකාරී  වැඩපිළිවෙළට එරහිව අලුත් පියාපත් සංවිධානය සංවිධානය කරන ලද විරුද්ධතාවයක් අද 17 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

එහිදී ඔවුන් කියා සිටියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සහතික කර තියෙන එක අයිතිවාසිකම තමයි කතා කිරීමේ නිදහස. මේ ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධන කරන්න භාෂණයේ නිදහස  උල්ලංඝණය කරනවා යැයි උද්ඝෝෂකයෝ පැවැසූහ.

(ශාන්ත රත්නායක)