(රංජන් කස්තුරි)

ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමත් සමග කලාප 60ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති අතර ගාල්ල,මාතර, යාපනය, මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක් ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන බව ද  වසංගත රෝග විද්‍යා අංශය කියයි.

තද උණ, හිසරදය, වමනය ඇතුළු රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)