(රංජන් කස්තුරි)
විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංවීම ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ ඉදිරි මාස තුනක කාලය ඇතුළත කිසිසේත් විදුලිය කප්පාදුවකට ඉඩ නොතබන බවය.
එහෙත් ලංවීම ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ ක්‍රමවත් ලෙස ඉන්ධන නොලැබීම හා ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසීම නිසා විදුලි කප්පාදුවක් හැර වෙනත් විකල්පයක් නැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ එකෙකුටවත්" රටේ පුරවසියන් හට තම සේවය කිරීමට අවශ්‍යම නැත. ඇත්තේ තමන් දේශපාලුවන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම හා තමන්ගේ කාලකන්නි බඩ පුරවා ගැනීමයි. නුඹලාගේ උගත්කම්වලින් රටේ මහජනතාවට සතපහක වැඩක් නැත. එබැවින් තව තවත් පව්නොදී තනතුරු හැරදමා පලයල්ලා ගෙවල්වලට... මෙම අදහස් මහජන මුදලින් සැපසේ ජීවිතය ගෙවන කොමිසමේත් මණ්ඩලයේත් සියලුම මලපෙරේතයින්ට වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...!!!
අපිට තියෙන එකම ප්‍රශ්නෙ.., දෙසැම්බරයේ ගංවතුර දාන තරමට උතුරා ගිය ජලාශ ජනවාරි අග වෙද්දී හින්දවපු හපනා කවුද? ජලාශවල ජලමට්ටම අඩුකරවන්නේ කාගේ අදිසි හස්තයෙන්ද? හැමදාම මේ රහසේ සිදුවන සාහසික අපරාධය කාටවත් නොපෙනෙන්නේ ඇයි..?