
(සුජිත් හේවාජුලිගේ )
ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම අතරමග නැවතී ඇතැයි වාර්තා වේ.
එම ඇමැතිවරුන් ඉවත් කිරීම මෙසේ නැවතී ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙසේ ලබාදීම ප්‍රමාද කර ඇතැයි පැවසෙන්නේ සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත් ඇමැතිවරුන්ගේ විස්තර ඇතුළත් ලයිස්තුවයි.
එම ලැයිස්තුව ලැබෙන තුරු මන්ත්‍රීවරුන් ඒ නිවාස සංකීර්ණයෙන් ඉවත් කිරීමට නොහැකිවී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
එම වාර්තාව ලබා දෙන්නයි පාර්ලිමේන්තු බලධාරීන් සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් වාර්තාව ලබාදීම ප්‍රමාද කරමින් සිටින බව වාර්තාවේ. කිසියම් බලධාරියෙකුගේ බලපෑම මත වාර්තාව ලබා ලබාදීම ප්‍රමාද කරන්නේ දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නිවාස නොමැති මන්ත්‍රීවරුන්ට කොළඹින් නිවාස සැපයීම, ඇමතිවරුන් පිරිස මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවලින් ඉවත් කිරීම ප්‍රමාදවීම නිසා ගැටලුකාරීවී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕක කොයි දවසේ වුණත් යන්න වෙනවානේ... තමන්ගේ නොවන දේවල් වලට ඇල්ම බැල්ම දාගෙන ඒවායේ පදිංචි වෙලා ඉන්න අයට වෙන දේ දන්නවනේ. තමන්ගේ කියලා පුංචි හරි ව්‍යාපාරයක් කරන්න ඇමතිලා වුණාට කමක් නෑ. පොඩි ගෙයක් ඒ ලාභයෙන් හෙමින් හෙමින් හදාගන්න. කවුරුත් හිනාවෙන්නේ නෑ. ගරු කරාවි ඇත්තටම... හැබැයි ඔහොම වුණොත් මරණින් පස්සෙත් දැන් වගේම පෙරේත ගොටු වලින් තමයි පුද ලැබෙනකන් බලාගෙන ඉන්නේ... පරණ සෙල්ලිපි වලත් ලියලා තියෙන්නේ ජනතාවගේ දේවල් හොරා කන අය බලුකපුටු වෙලා ඉපදෙනවා කියලා... අපි නෙමෙයි කියන්නේ. ඒ නිසා දැන් හරි බින්දුවෙන් හරි පටන් අරන් පින් පව් විශ්වාස කරලා මුල ඉඳන් දියුණු වෙන්න බලන්න. හොර පාරවල් හොයන්නේ නැතිව... මිනිස්සු පවා අප්පිරියා කරනවා ඔය හැසිරීම...!
මේ අය බොරු කියන්නේ නිකමටද? ඉස්සර මන්ත්‍රීලා හොර වැඩ කළේ හොරෙන්... මේ සේරම එළිපිට කරන්නේ... මැර බලය පෙන්නගෙන... තෝරලා පත්කරගත්තු අය හරක් කියන්නේ නිකමටද?
ගරු මන්ත්‍රීවරුන්ට පමණක් ඔය නිවාස දුන්නා නම් ඔහොම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.
හොරුන්ටයි, තක්කඩින්ටයි ගිය රට...!
ඉස්සර මේ රටේ ජනතාව මන්ත්රීලාට සහ ඔවුන්ගේ දරු පරපුරට පවා ගරු කෙරුවා. ඒත් වර්තමානය වෙනවිට මේ වචනය ඇසූ සැනින් මැවෙන පින්තූරය නම් නීති විරෝධී වැඩවලට ලැදියාවක් දක්වන බලහත්කාරයෙන් ජනතා දේපල මංකොල්ල කෑමට පෙලඹෙන අසභ්‍ය වචන සහ ගල් පැලෙන බොරු කටපුරා ගාව ගත් මංකොල්ලකාරයෙක් ගානයි. වර්තමානයේදි ඔවුන්ගේ පවුල්වල අයට ගරුත්වය වෙනුවට උසුළු විසුළු කිරීම් තමා අනන්තවත් සමාජයෙන් ලැබෙන්නේ. මූනිච්ඡාවට එදිනෙදා තමන්ගේ වැඩ කරගැනීමේදී මුරුංගා අත්තේ තියන පාක්ෂිකයා ටික කලක් සිටියත් මේ අය ගැන සැබෑවට ඇති සමාජ ආකල්පය කණගාටු දායක වන්නේ මෙවැනි සිද්ධි නිසයි. මෙය නිවැරදි කිරීමට හැක්කේ ඔවුන්ටමයි.