
(දයාරත්න ඇඹෝගම)
අන්දරවැව ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සංරක්ෂණය කිරද්දී රන් පත්‍රයක ඔතා තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ නමක් හමුවූ බව අනුරාධපුර පුරාවිද්‍යා නිළධාරීහු පවසති.
නොච්චියාගම අන්දරවැව ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක පුරාවිද්‍යාත්මක කැණීමක් පසුගිය වසරේ සිදුකර තිබිණ. එහිදී ගරා වැටී තිබූ ස්තූපයක් ද මතුකරගනු ලැබීය.
එම ස්තූපයේ සංරක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන අතරතුර එහි ගර්භයේ තිබී රන් පත්‍රයක ඔතන ලද ධාතූන් වහන්සේ හමුවී තිබේ. ධාතූන් වහන්සේලා හමුවන්නේ කරඬුවක තැන්පත් කිරීමෙන් වුවද රන්පතක ඔතා තිබී හමුව ඇත්තේ පළමු වතාවට බව පුරාවිද්‍යා නිළධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ .. සාදූ .. සාදූ ...!!!
ඔය වටිනා ස්තූපය දූෂිත දේශපාලුවන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි ප්‍රශ්නේ? කටුගෙයි ඇතුලේ තිබුණු වටිනා පුරාවස්තුවලට වෙච්චි හරිය තවම හොයාගන්න බැරිවුණා.
සර්වඥධාතුමද කියලා හරියටම දන්නවද?
සාදු සාදු සාදු...!!! නමෝ බුද්ධාය...!!!
නාගයාගේ දෙවැනි කොටස ඉක්මණින් බලාපොරොත්තු වන්න.
මණිඅක්ඛිත දෙවැනි කොටසද?