(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව රඹෑවැව කළුගල් කැඩීමට එරෙහිව ගම්වාසීන් පිරිසක් උද්ඝෝෂණය කරද්දි කළුගල්වැඩපළවල සේවකයන් පිරිසක් එම උද්ඝෝෂණයට එරෙහිව එම ස්ථානයේදී විරෝධතාවක් පවත්වා දෙපිරිස අතර ඇතිවන්නට ගිය ගැටුමක් පොලියේ මැදිහත්වීමෙන් වළක්වා ගැනිමට හැකි විය.

ආණමඩුව රඹෑවැව කළුගල් කැඩිමේ ස්ථාන පහකින් තම ගම්මානවලට තර්ජනයක් බව පවසමින් රඹෑවැව ගම්වාසින් ආණමඩුව හලාවත මාර්ගය වසා දමා විරෝධතාවයේ නිතර විය.

රඹැවැව, සියඹලෑව, අම්පිටිගම, නැඹඩවැව හා කොරලයාගම යන ගම්මාන වල 200 කට ආසන්න පිරිසක් එම විරෝධාතවට එක්ව සිටි අතර  රඹෑවැව කළුගල් කැඩිම සිදුවන ස්ථාන වෙත පළමුව ගොස් පැයකට වැඩි කාලයක් පොස්ටර් කටවුට් හා බැනර් ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ නිරත වන්නට විය.

පසුව  විරෝධතාකරුවෝ ආණමඩුව හලාවත මාර්ගයේ රඹෑවැව මංසන්දියට පැමිණ විරෝධතාවයක් පැවැත් වූහ.

ගම්මුන් එසේ විරෝධතාව නිරත වෙද්දි එම ස්ථානයට පැමිනි කළුගල් කැඩිමේ ස්ථානවල සේවකයින් 50 වැඩි පිරිසක් එම ස්ථානවලට කඩා වැදි ගම්මුන්ගේ විරෝධයට විරෝධය මතු කරමින් මාර්ගයේ අනෙක් පස සිට විරෝධය පාන්නට විය.

මෙම ස්ථානයේ දෙපිරිසම කණ්ඩායම් දෙකට විරෝධය මතු කරමින් තිබියදි ඇතිවන්නට ගිය ගැටුම්කාරි තත්වය වලක්වා ගැනිමට ආණමඩුව පොලිසියේ නිළධාරින් දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි විනි.

කළුගල් වැඩපලවල් පවත්වාගෙන යන ප්‍රධාන හිමිකාරිනියක හා ඇතුළු අනෙක් හිමිකරුවෝ පිරිස ද සේවකයෝ එහි රැඳී සිටියහ.