(සුජිත් හේවාජුලිගේ )

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ  ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශයට  බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ  ආරක්ෂාව සහිතව අද (17) පෙරවරුවේ කැඳවාගෙන එනු ලැබීය.

කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ගෙන එනු ලැබූ බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙම කොමිෂන්  සභාව පසුගිය යහපාලන රජය සමයේදී( 2015- 2019  අතර කාලයේදී) සිදුවී ඇතැයි පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන පවත්වයි.

ඒ සමයේදී රංජන් රාමනායක මහතා රාජ්‍ය  ඇමතිවරයකු ලෙස කටයුතු කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)