(නිමල කොඩිතුවක්කු)
ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝදි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට අද උත්සව පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේ ඇමතිවරු දෙදෙනෙකු ගොස් උත්සවාකාරයෙන් එම නැව පිළිගත් බවත් ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ රට බවට ඉතිහාස ගතවන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ගම්මුදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන, දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැනි කටයුතු වෙනුවෙන් උත්සව පැවැත්වූ රටේ ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට උත්සව පවත්ව තත්වයට පත්ව ඇතැයිද ප්‍රේමදාස මහතා කීවේය.
”සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනෙහි 45වන පියවර ලෙස කල්මුණේ රෝහල වෙත රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ජවිපය පමණයි...
ඇයි අවුල්ද ඉතිං..? ඕකට තප්පුලන්නේ..?
එහෙම තමයි. බයිසිකල් පදින්න කිව්වාම මොන මනුස්සයාටද ඉවසන්න පුළුවන්..? මෙච්චර අඬලා දොඩලා ගත්තු සැප වාහන නිකන් ගෙදර දාලා පාරේ දාඩිය දාගෙන හිඟන්නෝ වගේ බයිසිකල් වල යන්න පිස්සුවක් ඇතැයි. පෙට්‍රල් ලීටර් කීයක් ගියත් අපිට වැඩක් නැහැ. අපි බලය ගත්තේ ඕවට... නැතුව වෙන මේ රටේ ඉන්න හරකුන්ට තණකොළ කන්න නෙමෙයි. ඉතින් තෙල් එනවා කිව්වාම නටලා, බෙර ගහලා පිළිගත්තාම වැරැදිද මම අහන්නේ...?
මේ කතා කීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.