
(ඩයනා උදයංගනී)
'රාජ්‍ය නාට්‍ය උළෙල 2021' හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත කෙරේ.
අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තේරුණු කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් මෙහිදී වේදිකාගත කිරීමට නියමිතය.
මාර්තු 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීත්, මාර්තු 6 වැනිදා ටවර් හෝල් රඟහලේදීත් එම නාට්‍ය වේදිකාගත කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද (17) දිනයේදීත් කෙටි නාට්‍ය තුනක් වේදිකාගත කෙරේ.
මධුරංග ශ්‍රී ලාල්, ඩබ්ලිව්.ඩී.පී දේවින්ද වික්‍රමසිංහ සහ විශ්ව චින්තක තිලකරත්න එක්ව අධ්‍යක්ෂණය කළ 'ආනන්දනීය බාබර්' පස්වරු 5.30ට, පී ගනේෂරාජා අධ්‍යක්ෂණය කළ 'තලෙයියානෙයි මන්දිරම්' පස්වරු 6.20 ට සහ කේ.ඩබ්ලිව්.ටී හිමාෂි විතානගේ අධ්‍යක්ෂණය කළ 'ෆ්ලේවර්ස්' පස්වරු 7.10 ට වේදිකාගත කිරීමට නියමිතය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd