(යොහාන් භාසුර)

රට තුළ ඉන්ධන ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

දෙවරක් මිල ඉහළ දමාතිබුණ ද ඉන්ධන ඉල්ලුම ඉහළ යෑම ගැටලුවක් බවට පත්ව ඇති බවත් ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් ජනතාව දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවලට යොමු නොවීම මෙයට හේතුව බවත් ඛනිජ තෙල් සංස්ථාව කියයි.

ජනතාව එදිනදා ගමන් සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද රථ යොදාගැනීම ඉහළ යෑමෙන් විශේෂයෙන් පෙට්‍රල් ඉල්ලුම අනපේක්‍ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.