
මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස පිළිගැන්වීය.
මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් වර්ෂ 1951 දී රචිත “සිංහල ගොවිතැන” කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර ඇත.
වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි, ශාස්ත්‍රවේදී පණ්ඩිත මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, රත්මලානේ රතනසිරි හිමි යන භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත් හොරු සහ කෘෂි කරුම හොරු..!
ගොවිතැන කාපු අයටම ගොවිතැන් ගැන පොත් දෙන්න පිස්සුද මන්දා...!
අපේ හාමුදුරුවනේ...! ඔබ වහන්සේ ජනාධිපතිට පාඩම් පොතක්ද මේ දුන්නේ.. කියවලා හරි දේ ඉගෙන ගන්න කියලා?
පාට පාට අඹුඩ ඇඳගෙන වස ගෝනි උඩ වාඩි වී සිටින ගොවි ව්‍යාපාරික කැළ මෙය කියවා අවබෝධ කර ගනිත්වා..!
හොඳකෙනාට ගොවිතැන ගැන පොත් දෙන්නේ...!
ඔය පොත දෙනකොට විශාල ශබ්දයක් ඇහුණා...
අනේ එහෙම දේකින්වත් හැදෙනවා නම් රජකම අතෑරලා වනගත වෙයි...
දූෂිත පවුල් පාලනේ උදවියට ඔය පොත පිළිගැන්නුවා කියලා වැඩක් වෙන එකක් නැහැ.
හාමුදුරුවෝ ගොයම් කෙතට බැහැලා, අන්න අරහේ සසුන් කෙත පුරන් වෙනවා.
1951අවුරුද්දේ ලංකාවේ ජනගහනය 8108433 යි. දැන් කෝටි 2ත් පැනලා. වගාකරන්න පුළුවන් කුඹුරු අක්කර ගාණ සාපේක්ෂව අඩුවෙලා. මේ ජනගහනයට හරියට නිෂ්පාදනය කරන්න. අමුඩෙ ගහගෙන උදැල්ලෙන් කුඹුරු කොටලාවත්, මී හරක් දාලා සීසාලාවත්, ඔය කියන පරණ කෙම් භාවිතා කරලාවත්, කාබනික පොහොර විතරක් භාවිතා කරලාවත් බැහැ කියලා තේරුම් ගන්න තරම්වත් මෙයාලට බුද්ධියක් නැතිද?
රජයේ නිලධාරින් සඳහා දෙන්න කියන්නේ කාර්යාල පුස්තකාලයේ තියන්න වෙන්න ඇති. ගොවිතැන ඉතාමත් සාර්ථක වේවි.. මේවා ගොවිතැන් කරන සත්‍ය ගොවි මහත්වරුන් සඳහා තෑග්ගක් ලෙසට දුන්නොත් වැඩක් වේවි...!
මෙම පොත ඉතා වැදගත්... මෙය වුවමනා කරන්නේ අපේ හාමුදුරුවනේ එක වී ඇටයක් හරි මහ පොළවේ පැල කරන ගොවි මහතුන්ටයි. කාර්යාල වල වැඩ මරණ නිලධාරින්ට ඕක තව පොතක් විතරයි. කිවයුතු දේ බොහෝ ඇත. නමුත් අපේ ගොවිතැන ආරක්ෂා කරන්න ඉන්නේ කීප දෙනයි. මම කොලොන්නේ වස විස නැතිව වගා කරන කෙනෙක්.. අපෙන් වෙන සේවාවක්වත් ඔය නිලධාරීන්ගෙන් වෙන්නේ නෑ. අත්දැකීම් වසර 4ක් වෙනවා. මටත් පොතක් ඕනෑ.. දිගනවෙල, වෙලේවත්ත, කොලොන්න... තෙරුවන් සරණයි...!!!