IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


උපකරණ විදුලි සැපයුම් මාස 4 ක් තිස්සේ ප්‍රමාදයි

 

(යොහාන් භාසුර)

නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් මාස හතරකට වැඩි කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම ඇතැම් ප්‍රදේශවල මාස 4 කටත් වඩා ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලබානොදන බවත් බිල්පත් ගෙවීම ප්‍රමාද වූ විට විදුලි සැපයුම විසන්දි කර ඒ සඳහා දඩ මුදල් ද අය කරන විදුලිබල මණ්ඩලය සැපයුම ලබාදීම ප්‍රමාද කිරීම ආසාධාරණ බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

කොට්ටාව ප්‍රදේශයේ ඇතැම් නව විදුලි ඉල්ලුම්කරුවන් සැපයුම ලබා ගැනීම සඳහා මුදල් ගෙවා මාස හයකට ආසන්න වුව ද මේ දක්වා සැපයුම ලබාදී නොමැති බවත් කොට්ටාව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාලයේ නිලධාරින් ජනතාව පීඩාවට පත් කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති

ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මීටර සහ සෙසු උපකරණ ආනයන කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බවත් ඒවා හැකි ඉක්මණින් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළ ඇති බවත්ය.

මෙම උපකරණ ආනයනයට ද ඩොලර් ප්‍රශ්න බලපා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

කෙසේ වෙතත් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) නියමිත පරිදි නව නව විදුලි සැපයුම් ලබා දෙමින් සිටින බවද පාරිභෝගිකයෝ කියති

 



අදහස් (3)

උපකරණ විදුලි සැපයුම් මාස 4 ක් තිස්සේ ප්‍රමාදයි

Lahiru Saturday, 19 February 2022 11:24 PM

Anti leco එකේ හදන මීටර් තමයි ceb එකත් අරන් සවි කරන්නේ...

:       0       0

Kumara Saturday, 19 February 2022 11:58 PM

බම්බුවක් කතාකරනවා... මේ අයට පිස්සුද?

:       0       0

fairoosSunday, 20 February 2022 05:55 PM

විදුලි බල ඇමැති සිංගප්පූරු ගිහිල්ලා ආවාට පස්සේ දෙන්නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site