
යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් 06 දෙනකු, අද අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 06 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd