IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රජයේ වාහන පැදවීමෙදී දැඩි කොන්දේසි

(සුජිත් හේවාජුලිගේ )

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත.

එසේම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙසටද ඔහු දැනුම්දී ඇත.

මේ අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන භාවිතය අඩු කිරීමත් ඉන්ධන සඳහා වැයවන වියදම අඩුකර ගැනීමත් අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

රජයේ ආයතනවල නිලධාරීන් රජයේ වාහනවලින් කොළඹ රැස්වීම්වලට කැඳවීම වෙනුවට එම රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (16)

රජයේ වාහන පැදවීමෙදී දැඩි කොන්දේසි

sena Sunday, 20 February 2022 04:11 PM

මේක බේබිලා ඉස්කෝලෙ ගෙනියන්න, නොනට ෂොපින් යන්න එහෙමත් වලංගුද?

:       1       54

ajithSunday, 20 February 2022 10:21 PM

රජයේ වාහන අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා මීට පෙර යොදවා ගත්තද දැන් එය නැවතීමට කාලය පැමිණ ඇති බවකි. මෙය සිදුවන්නේ සත්‍ය වශයෙන්ම ඉන්ධන සඳහා වැයවන වියදම අඩුකර ගැනීමත් අරමුණින් නම් මෙවැනි කටයුතු කිරීමට තිබෙනුයේ බොහෝ කලකට පෙර වේ. ඔවුන්ට ලබාදී තිබෙන ඉන්ධන සීමාව ඉක්මවා ගියහොත් ඔවුන්ගේ පුද්ගලික මුදලින් ගෙවීමට නීතියක් තිබිය යුතුවේ...

:       0       3

SL Sunday, 20 February 2022 05:17 PM

සේවකයාට වහන පර්මිට් එකක් දීලා ඒකෙන් ගන්න වාහනේ එම ආයතනයටම කුලී පදනම මත අරගෙන අයිතිකාර මහත්තයාටම වැඩට එන්න දෙන සුපිරි රටක් මේක. සේවක සංගම්වල එකෙක් මේ ගැන මීක් නැහැ. සුසිල් ප්‍රේමජයන්තට වාහන පර්මිට් බර ගාණක් දීලා තියෙන අවස්ථාවක ඇමැතිකම දාලා යනකොට “ආමාත්‍යාංශ වාහනෙන් ඇවිත් ඒක බාරදීලා ත්‍රි වීල් එකෙන්” යනවා කිව්වේ රෙදි ඇදගෙනද?

:       0       61

දාස Sunday, 20 February 2022 06:35 PM

කොන්දේසි කොලේ තියෙයි, රැළ පුරුදු විදියට තම ගමනයයි...

:       0       39

Kumara Sunday, 20 February 2022 07:00 PM

ඕක විමලයටයි, එයාගේ පවුලේ අයටයි වලංගුද ආයුබොවන්..?

:       2       40

Raveendra Sunday, 20 February 2022 07:03 PM

එහෙම කොහොමද? අපේ ගෑණු ලුණු 100gක්, තේ කොළ 50gක්, සීනි 250g ක් වගේ වටිනා කියන දේවල් ගන්න යන්න කියන්නේ පයින්ද? අපිට ඔය නීති අදාළ නැහැ. එහෙම වුණොත් අපිත් පාරට බහිනවා. මීට මහජන මුලින්ම හැම රෙද්දක්ම කරන රජයේ ලොක්කන්ගේ සංසදය...

:       1       43

Chathu Sunday, 20 February 2022 08:13 PM

කරුණාකර සෑම වාහනයක්ම සජීවි විදිහට පටිගතවන කැමරා සවිකරන්න. ඕන පොඩි කෙනෙකුට තේරෙනවා කරන්න පුළුවන් විදිහ. ඉල්ලීම් කරකර ඕවා කළේ දැනට අවුරුදු 3 කට විතර කළින්.. රියදුරුගේ හැකියාව වාහනය පදවන විදිහ පවා දැනගන්න පුළුවන්...!

:       0       7

Prabha Sunday, 20 February 2022 08:22 PM

කොළඹට බස්එකෙන්, කෝච්චියෙන් එන්න බැරිද?

:       0       8

සිරි Sunday, 20 February 2022 08:41 PM

225ට ඉන්ධන දීමනා දෙන්නයි, ඒකේ පාඩුව අහිංසක උන්ට පටවන්නයිද? උගත්, බුද්ධිමත් වුනේ...!

:       0       4

Sampath Sunday, 20 February 2022 09:20 PM

එසේම හමුදා පුද්ගලික වාහනද යම් පාලනයකට ලක්කළ යුතුයි.. කොළඹ පාසලක් ළඟ බැලුවොත් හමුදා වාහන විශාල ගණනක් ඇත.

:       0       8

Perera Sunday, 20 February 2022 10:45 PM

ඕවා චක්‍රලේඛ වලට සීමා වුණු ජනතාව පිනවන්න කරන බොරු නාටක විතරයි.

:       0       6

විපරමා Sunday, 20 February 2022 11:22 PM

ඔය කොන්දේසි දැම්මට ඕවා හරියටම පිළපදින අය අපේ රටේ නැහැ. එක රටක එක නීතියක් කිව්වෙත් ඔහොමනේ...!

:       0       5

Demuni Uduwara Monday, 21 February 2022 04:47 AM

ලේකම්තුමනි, පළමුව එය සිදුකළ යුත්තේ ජනපති, අගමැති, ඇමැති සහ මන්ත්‍රීවරුන්ගෙනි...

:       0       5

aruna Monday, 21 February 2022 06:20 AM

රත්මලාන ආර්ථික මධ්‍යස්ථා‍නයේ නම් හැමදිනම වගේ මුදල් අමාත්‍යාංශය සඳහන් රතු ප්‍රාඩෝ එකක් රෑ වෙනකන්ම බඩුගන්න එනවා...

:       0       5

Bunny Preena Monday, 21 February 2022 09:29 AM

අපේ ලොකු ලොක්කන්ට මොලේ පෑදෙන්නේ හුඟක් පරක්කු වෙලයි. ඔක්කොම ටියුබ් ලයිට්...

:       0       2

sharm warn Monday, 21 February 2022 12:35 PM

අර පාර්ලිමේන්තුවේ ඉන්න ගම් කබරයින්ගේ බැකප් වාහන ටික නවත්තන්නකෝ මෙතැන බයිලා කියන්නේ නැතිව... ඔවුන්ගේ අති සුඛෝපභෝගි වාහන වැඩකරන්නේ ලීටරයට කිලෝමීටර 4 යි. ඒවා සහගහන අපරාධ නෙමෙයි නේද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1617 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 616 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 743 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 227 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 561 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 469 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1073 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site