
(සුජිත් හේවාජූලිගේ)
"බෞද්ධ ඉතිහාසය",පාසල් විෂය මාලාවට එක්කරන්නැයි මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති, ආචාර්ය මහරගම ධම්මසිරි නායක හිමියෝ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ. රටට අනාගතයක් ඇත්තේ දරුවන්ගේ ආධ්‍යාත්මය නිවැරදිව සකස් කිරීමෙන් පමණක් බව ධම්මසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.
මාලේවන ධර්මවිජය ස්වාමීන් වහන්සේගේ ( පෙර, අනගාරික ධර්මසේකරතුමා) ජන්ම දිනය නිමිත්තෙන්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේද සහභාගිත්වයෙන්, කෝට්ටේ නාග විහාරයේදී, සංවිධාන කෙරුණ බෝධි පූජා පින්කමේදී අනුශාසනාවක් කරමින්, ධම්මසිරි හිමියෝ මෙම ඉල්ලීම කළහ.
" අපේ අධ්‍යාපන ඇමතිතුමා මෙතන ඉන්නවා. අපේ අධ්‍යාපන ඇමතිතුමා බොහෝ පිරිසිදු , කිසිම චෝදනාවක් නැති, කිසිම වංචාවකට චෝදනාවක් නැති පිරිසිදුව දේශපාලන කරන කෙනෙක්. එහෙම අය තව එක්කෙනෙක් දෙන්නෙක් ඇති. ඉතිං, ඒ වගේ මහත්මකුට හොඳ කාර්යභාරයක් තියෙනවා මේ වෙලාවෙදි කරන්න. අධ්‍යාපන ඇමැතිතුමාට තමයි අයිති සියලු ම පාසල්, විශ්ව විද්‍යාල. අපේ ස්වාමීන් වහන්සේලාගේ අදහස් අරගෙන විශේෂයෙන් ම විෂයයක් හැටියට ආරම්භ කළොත් හොඳයි "බෞද්ධ ඉතිහාසය" කියන විෂය.
ලංකාවේ බෞද්ධ ඉතිහාසය හැම දරුවකුට උන්වන්න ඕන, විෂයක් විදියට. මේ ළමයින්ගේ හිත් හදන්න ඕන. ළමයි හැදුවොත්, ළමයින්ගේ හිත හැදුවොත්, ළමයින්ගේ අධ්‍යාත්මය හැදුවොත් පමණයි මේ රටට අනාගතයක් ඉතිරි ව,න්නේ. ඒ් නැතිව සියල්ල ම සල්ලි පමණයි කියන හැඟීමක් ආපු කාලයක් තිබුණා. බණ පොත්, සංදේශය කාව්‍ය, උමන්දාව ආදි පොත්පත්, සුභාෂිතය, ලෝවැඩ සඟරාව පාසල්වල භාවිත කළා. නමුත් ඒකතරා යුගයක් ආවා.
මම පෞද්ගලිකව නම් කියන්නේ නෑ, කවුරුත් දන්නවා. ඒ් කාලේදී සාහිත්‍ය කන්නද කියල ඒ්වා ඔක්කොම අයින් කළා. අයින් කළාට ඊට පස්සෙත් ආපු කිසිම රජයක් ඒ්වා නැවත ගත්තේ නැහැ. ඒ්වා නැවත අධ්‍යාපන පද්ධතියට ඒකතු කළා නම් මේ තරම් විශාල විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ් නිසා ම මුදල්වලට ඕනෑම පාප ක්‍රියාවක් කිරීමට අද සමාජය පත්වෙළා තියෙනවා. ඒ්වයින් අපි ගැලවෙන්නට ඕන. "



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දැන් දේශපාලනය විෂයයක්නේ...!
තම රටේ ඉතිහාසය නොදත් කෙනා මුල් නැති ගහක් වගේ. පොඩි සුළඟකටත් වැනිවැනි ඉඳලා ඇදං වැටෙනවා. රටේ ඉතිහාසය ළමයින්ට ඉගැන්වීම අත්‍යාවශ්‍ය කාරණයක්...!
6 - 9 වසර දක්වා දැනටමත් විෂයයන් 13 කි. විෂයයන් ප්‍රමාණය අඩුකළ යුතු යැයි යෝජනා කරමි...!
ඔය එකඑක ආගම්වලට විෂයක් නැතුව සියලු ආගම් සඳහා ආගම නමැති විෂයක් ඇති කිරීම වඩාත් යෝග්‍යයි. ඉතිහාසය සමාජ අධ්‍යයනය ආදී විෂයයන් තියෙනවා. තවත් බෞද්ධ ඉතිහාසය නම් විෂයක් ඕනේ නෑ ළමයින්ට... කළ යුත්තේ විෂයයන් අඩු කිරීමයි...
දැන් ඉන්න හාමුදුරුවරු ගැන ඉගැන්නුවොත් හොඳයි කියලා හිතෙනවා.
බෞද්ධයින්ට විතරක් ඉතිහාසයක් වෙන්නේ කොහොමද? ශ්‍රී ලාංකික ඉතිහාසයක් මිස...!
හොඳ යෝජනාවක්... සිංහල ඡන්ද ගන්න පුළුවන් වැඩක්..
ඉතිහාසය යනු ලංකාවේ විතරක් නොවේ.. ලෝකයේම ඉතිහාසය සෑම කෙනෙක්ම දැනගත යුතුයි. එය බෞද්ධ ඉතිහාසය විතරක් වියයුතු නැත. අනෙක් අතට ඉතිහාසය විෂයක් විදියට පන්ති කාමරවල කට පාඩම් කරනවාට වඩා එය ගවේෂණාත්මක විෂයක් කර දරුවන් ස්වෝත්සාහයෙන් ඉගෙන ගත යුතු තත්වයට පත් කිරීම තරම්වත් උපදේශයක් දෙන්නට දැන් ඉන්නා මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වුවමනාවක් නැති හැඩයි. ආගම ඉරිදා දිනවලට පන්සලේ, පල්ලියේ, කෝවිලේ හෝ ඉගෙන ගැනීමට සලස්වා, පාසල් විෂය නිර්දේශයෙන් අයින් කළ යුතු කාලය එළඹ ඇත.
බෞද්ධ භික්ෂු විනය ඉස්කෝලවල්වල ඉගැන්නුවොත් මොකද? එතකොට මේ ඉන්න හාමුදුරුවන් බුදුදහම රකිනවාද, නැත්තන් වෙන මගුලක් කරනවාද කියා මිනිස්සුන්ට තේරෙයි.. මේ රට විනාශ වෙච්චි එකට බාගෙට භාගයක් මේ තක්කඩි දේශපාලුවන් පස්සේ යන හාමුදුරුවරු වග කියන්න ඕනෑ..!