(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආණ්ඩුවක් තිබුණත් එකයි නැතත් එකයි බලය ඇතත් නැතත් අපිට හැකියාවක් තියෙනවා නම් නිපුනතාවයක් දක්ෂතාවයක් කුසලතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි රටට සේවයක් ඉෂ්ඨ කරන්න ඕන. අපි අද ඒක ප්‍රායෝගිකව පෙන්වලා තියෙනවා. දේශපාලනය උඩු යටිකුරු කරල තියනවා.යැයි සමගි ජන ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මහතා එසේ පැවසුවේ සමගි ජන බලවේගය බලවේගයේ "හුස්මක් වැඩසටහන යටතේ" පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීමේ උත්සව සභාව අමතමිනි
කොයි කාලෙද මේ රටේ දේශපාලනය ඉතිහාසයේ විපක්ෂයේ ඉඳගෙන මිලියන 126 දශම 4 ක රෝහල් උපකරණ රෝහල්වලට පරිත්‍යාග කළේ.
මේ හුස්ම වැඩසටහන තුළින් නිරෝගී ජන පරපුරක් නිර්මාණය කරන්න. ඒ තුළින් රටේ ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්න.නිෂ්පාදන ධාරිතාවක් වර්ධනය කරන්න .අපි මේ අත හිත දෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් කරා රටේ සෞභාග්‍යය නිර්මාණය කරන්න
අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකය තමයි මේ රටේ වේගවත් සංවර්ධනයක් කරා යොමු කරන්න පුළුවන් එක වැදගත් මාර්ගයක් .මේ රටේ බොහෝ නායකයන් මොනවාද කරලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකය ඩිජිටල් විප්ලවය ලොකුවට කතා කරලා තියෙනවා.
දැන් අද රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා විදේශ විනිමය හිඟයක් . ඩොලර් නෑ. පෝලිං යුගයට ගිහිල්ලා .
කිරිපිටි නැහැ .දැන් හෙට අනිද්දා බලාගන්න පුළුවන් ඉන්ධන මිල කොච්චර ඉහළ යයිද කියලා.ගෑස් හිඟය කුත් තියෙනවා.හැමතැනම දන නෙවෙයි රින.එහෙව් - රින තත්වයක් තිබෙන මොහොතේ කාටද විවේචනය කරන්න පුළුවන් මේ වගේ සම්පතක් ජීවිතය බේරගන්න රාජ්‍ය සෞඛ්‍ය ආයතනය කට පරිත්‍යාග කරන්න.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘‘බලය නැති වුණාත් ජනතාවට සේවය කරනවා‘‘
Don perea Sunday, 20 February 2022 09:10 AM
ඔබතුමා කොච්චර හොඳ වුණත් ලංකාවේ මිනිස්සු කැමැති මිනීමරණ දේශපාලුවන්ට...
Sanath KandySunday, 20 February 2022 12:17 PM
බඩු බෙදබෙදා යන මණිබඩු වෙළෙන්දෙකුට මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්ද? ජවිපෙ ඇතුලු ජාතික ජනබලවේගය තමයි අපිට පේන එකම විසඳුම.
සලීම්Sunday, 20 February 2022 03:15 PM
අද ආණ්ඩුව රට නනත්තාර කරලා තියෙන විදියට මිනිස්සුන්ට යනඑන මන් නැතුව ඉන්නේ. දවස ගානේ රට කරන්න ඩොලර් ඉල්ලා ඉල්ලා රටවල් පස්සේ හිඟමනේ යනවා. මෙහෙම රටක් තව අවුරුදු 3ක් කොහේ කරන්නද? ඉතින් ඕන මෝඩයකුට තේරෙනවා රටේ අද ඡන්දයක් තිබ්බොත් විපක්ෂ නායකතුමාගේ සමගි ජන ජනබලවේගය ඉතිහාස ජයක් ලබන එක...!
sena Sunday, 20 February 2022 10:41 AM
ත්‍රි රෝද රථයක් දෙන එකද සේවය...? දැනට ඕනේ මිනිස්සුන්ට හරි හම්බ කරගෙන ඉන්න පුළුවන් සමාජ ආර්ථිකයක් ගොඩනැගීම... එහෙම නැතිව ජනතාව හිඟමනට දාලා හිඟන්නන්ට කෑම වේලක් දෙන දේශපාලනයක් නෙවෙයි...
duplicate RalahamiSunday, 20 February 2022 02:36 PM
එතුමා විපක්ෂයේ ඉඳන් එහෙම හරි කරන එක අගය කරන්න. බැනලා අදහස් දානවට වඩා කරන්න ඕනේ එතුමා ජනතාව වෙනුවෙන් කරන දේ අගය කරන එකයි.
සන්ක Sunday, 20 February 2022 03:23 PM
ඇත්ත... සජිත් රටේම ගෙයක් නැති දුගී, දුප්පත්, අන්ත අසරණ ජනතාවට නිවාස ලක්ෂ ගණන් හදපු ඉතාම දක්ෂ දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්... දැන් ඉන්න හොරු වගේ මේ අති භයානක කොරෝනා ලෙඩේ අස්සෙත් කෝටි ගණන් මුදල් ගසාකන කෙනෙක් නෙමෙයි. දැන් මේ රැවටුණා ඇති.. ඊළඟ ඡන්දෙන් අපි සජිත්ව අනිවාර්යයෙන් දිනවමු.
senaSunday, 20 February 2022 04:09 PM
රාළහාමි, ත්‍රි රෝද රථයක් දෙන්න විපක්ෂ නායකයෙක් ඕනෑද? විපක්ෂ නායකතුමා එතුමාගේ කාර්ය භාරය කරනවද?
Raveendra Sunday, 20 February 2022 10:48 AM
කැඩුවත් හැමදා මී වදයම ගිල්ල අපි... කිසිදා අත ලෙව කෑවේද නැති අපි... මේ දැන් කියන්නේ ඇත්තයි හිතුවට තොපි... "ලැබුණොත්" බලය කනහැටි දන්නේ අපි...
ගජමිතුරු Sunday, 20 February 2022 02:59 PM
නිල නොලත් රාජ්‍ය ඇමති රවීන්ද්‍ර, කියන්නකෝ බලන්න මෙයට පෙර මොන විපක්ෂ නායකයාද මෙහෙම දෙයක්වත් කළේ කියලා..? දැනට පාලකයින් විපක්ෂයේ සිටියදී කලේ පුළුවන් තරමින් පැවැති රජයන් අපහසුතාවට පත්කිරීම නොවෙයිද? (මෙහෙම බඩු බෙදලා නම් රට කරන්න බැහැ තමයි) විපක්ෂය ලෙසට මෙහෙමවත් කිරීම කොපමණ අගය කළයුතු දෙයක්ද?
වාසුදේව Sunday, 20 February 2022 03:09 PM
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීම කොච්චර හොඳ දෙයක්ද? විපක්ෂ නායකතමා මොන හොඳ දෙයක් කරත් මේ අය දකින්නේ ඇදේට. හොරුන්ටමයි කහින්නේ...
fairoos Sunday, 20 February 2022 03:29 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
ඇත්ත Sunday, 20 February 2022 03:46 PM
බොහෝ දෙනෙක් දේශපාලන තනතුරුවලට පොරකන්නේ තම දරුවන් රට යවා උගන්වා විශාල ධනයක් වෙන රටක බැංකුවක පොදි ගැසීමට කියා තමයි දැන් ප්‍රසිද්ධ. ඒත් ඔබතුමාට එසේ කිරීමට අවශ්‍ය නොවීම ඔබගේ සහායකයින්ගේ උදව් නොලැබීමට හේතුවිය හැකියි. මේ රට දැන් ඉදිරියට යන්න නම් විශාල සමාජ ආකල්ප වෙනසක් විය යුතුයි. මේ දේශපාලන පද්ධතියේ ඇඟ බේරාගෙන ඉන්න උගතුන්ටත් මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා.
siri Sunday, 20 February 2022 05:01 PM
දිව්‍යඥාණය පහළවෙලා වගෙයි. බල තණ්හාවෙන් ඓතිහාසික පක්ෂයක් විනාශ කළ එකේ පාපය පටිසන් දෙන්න යනවද කොහේද?
uk ran Sunday, 20 February 2022 06:24 PM
තාම මතකයි කට්ටියට සේවය කරපු විදිහ... බොළඳ කතා කියන්න එපා බලය ගන්නකම්...!
Bamunuarachchi Sunday, 20 February 2022 09:40 PM
අන්න ඒක හොඳයි. වෙන්නේ මොකක්ද කියලා කලින්ම දැනගෙන වගේ...!