(කේ ආර් රාජමන්ත්‍රි)
අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
සමහර අය එදා කිවුවා සජිත් තමයි දිනන්නේ අපි එතෙන්ට යමු කියලා. ඒ වෙලාවේ පක්ෂයේ බහුතර මතය වුණේ ඒක. නමුත් මම අපේ මධ්‍යම කාරක සභාව තළ පමණක් නෙමෙයි පක්ෂ සම්මේලනය තුළත් පැහැදිලිව ප්‍රකාශ කළා දේශපාලන වශයෙන් අපේ හදවතට සමීප පක්ෂය පොදු ජන පෙරමුණ කියලා.
ඒ නිසා අපි මේ අවස්තාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහණයට සම්මාදන් වෙන්න ඕනි එකතු වෙන්න ඕනි කියලා. ඒ පැත්තට ඔක්කොම නම්මවාගෙන වැඩ කටයුතු කලේ. ඉතිං ඒ අවස්ථාවේදී අපි පොහොට්ටුවත් එක්ක යම් යම් ගිවිසුම් ගහ ගත්තා . අත්සන් කළා කතා කළා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු කැපකිරීමට අපි ඒ කරපු සැලකිල්ලට තරම් සැලකිල්ලක් අපිට දැක්වුයේ නැහැ. අපි ඇත්ත කියන්න එපැයි.
නමුත් අපිට මුහුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න බැහැ. ජනතාව මේ රජයට ඡන්දය දුන්නේ අවුරුදු පහක කාල සීමාවක් සදහා. ඉතිං ඒ නිසා අපි යම් යම් අඩු පාඩුකම් සිද්ද වුණත් මම සන්ධාන දේශපාලනයේ අවුරුදු ගානක් හිටිය කෙනෙක් විදිහටත් අත්දැකීම් තියෙන කෙනෙක් හැටියටත් අපිට හදිසි තීරණ අරන් අපිත් අතරමං වෙලා තමුන්නාන්සේලාත් අතරමං කරන්න මම කැමති නැහැ.
සමහරු කියනවා දැන් ආණ්ඩුවේ ඉදලා වැඩක් නැහැ. දැන් එළියට බහින්න කියලා. මම ඇහුවා අපි එළියට බැහැලා මොනවද කරන්නේ කියලා. ජෙවිපී කාරයන් වගේ බෝඩ් අල්ලගෙන ඉන්නද. අපි හදා ගත්ත ආණ්ඩුව නිසා අපි තව බලමු. ජනාධිපතිත් අගමැතිත් පසුගිය දා වැදගත් ප්‍රකාශයක් කළා වෙච්ච වැරදි ඉදිරියට වෙන්න දෙන්නේ නැතිව ඉදිරි කාලයේදී අලුත් ගමනක් යනවා කියලා.
අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ අලුත් ගමනට සහය දීලා අපි ඉදිරියට යන්න. දැන් අපි රජය තුල ඉදගෙන පුළුවන් තරම් දුරට කරුණු කාරනා කියලා දෙනවා.
අපි තේරුම් ගන්න ඕනි විශේෂයෙන් අපේ පක්ෂය දැන් වැටිලා තියෙන්නේ. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේක හැම තැනම කියන දෙයක් තමයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පක්ෂය දාලා යන්නේ නැතිව හිටියනම් ප්‍රශනයක් වෙන්නේ නැහැ.
අපිට හැමදාම පොහොට්ටුවත් එක්ක එකට දීග කාගෙන ඉන්න තිබුනා. ඒ තීරණය එතුමා ගත්තා. ජනතාවත් ඒ තීරණයක් එක්ක ගියානේ. ජනතාව ඒක අනුමත නොකලේ නැහැ. බහුතර ජනතාව එදා මහින්ද රාජපක්ෂ මහතා පරද්දලා ඔහු ජනතාධිපති කළා. ඒ අනුව මේ තියන තත්වය අනුව අපේ පක්ෂය අපි නැවත ගොඩ නගන්න ඕනි.
අපට පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට යන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රටක පාලනයක් කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. බොහොම ආකර්ෂණීය සටන් පාඨ ඒ අයට තිබණත් ඒ එකක්වත් බිම් මට්ටමේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවාට අපි රැවටෙන්න හොද නැහැ. අපේ පක්ෂය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕනි.
නිමල් සිරිපාල මහතා මේ බැව පැවසුවේ කැප්පෙටිපොල ප්‍රදේශයේදි පැවති පක්ෂ ක්‍රියාකාරි හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනයන තැන නිදි කිරන මෙතුමාට පුළුවන්ද රටක් පාලනය කරන්න? පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවශ්‍යතා නොහඳුනන කම්කරු ඇමති ගරු මරිසිපාල...
රම්පෙ, කරපිංචා දේශපාලනය...
බොල ඔක්කොම එකතු වෙලා මුළු රටම අමාරුවේ දමලා දැන් එනවා කටමැත දොඩවන්න. ලබන ඡන්දෙදී ඔක්කොම ගෙදර යවනවා. පසුගිය අවුරුදු 20 තුළ තිබුණු හැම රජයක්ම ඇමැතිකම් කළා...
"ජවිපෙ කියන්නේ රටක් පාලනය කරන්න පුළුවන් පක්ෂයක් නෙමේ" යූඇන්පී, ශ්‍රී ලංකා, පොහොට්ටුවට විතරයි පුළුවන්.. අවුරුදු හැත්තෑ පහක් පාලනය කරලා මේ හොඳටම කරලා තියෙන්නේ තුන්ගොල්ලන්ම...
අපේ අසරණකම පොහොට්ටුව අවබෝධ කර ගත්තා...
මොන මොන පොරොන්දු දුන්නත් බලයට ආපු කිසිම ආණ්ඩුවක් ඒ කියපු කිසිම දෙයක් තම හවුල්කාර පක්ෂවලට මේ දක්වා නම් ඉටුකරලා නෑ. ඒ සඳහා ඉතිහාසය සාක්ෂි දරනවා. රටේ තිබුණු ප්‍රබල පක්ෂයක් වන ශ්‍රී ලං.නි.ප යට මේ උරුම වූ දෙයට පක්ෂ ක්‍රියාකාරීන් වන ඔබ සැම වගකිව යුතුයි. ඔබට බලය තිබුණු කාලයේ රටටත්, ජනතාවටත් යහපත් වූ දෙයක් කරලා තිබුණා නම් වෙනත් නව පක්ෂවලට කරලියට ඒ මට හැකිවන්නේ නෑ. එදාමෙදා තුර පැවැති කුමන රජයද ජනතාවාදීව කටයුතු කළේ...?
හිටපු ගමන් ඇහැරෙනවා නේද? ඩීල් දේශපාලනයේ කාලය ඉවරයි. මිනිසුන් රැවටුව කාලයත් ටික ටික ඉවර වේගෙන එනවා. අවශ්‍ය තීන්දු තීරණ දැන්මම ගත්තොත් හොඳයි.
වටිනා වාහනයක් රජයෙන් දුන්නේ..! තව මොනවද අවශ්‍ය?
"නිදිපාල" ගොයියා මොකද මේ එකපාරටම හීනයක්වත් දුටුවාද, දියවන්නාව පට්ටියේ මහ ගොනාගේ අං තට්ටුවවත් ඔලුව උඩ තියෙනවා දැක්කාවත්ද? ඉක්මණට අලුතින් කපටි සූට් එකක් මහගන්න.
ජ.වි. පෙරමුණ අවතක්සේරු කරන්න ඔබලා හිටපු පාලකයින් වශයෙන් මේ වෙනකොට රටට ලබාදී ඇති තක්සේරුව කුමක්ද? බිම් මට්ටමේ ඔබලාගේ කෙරුවාව නිසා අද ජනතාවත් රටත් හිඟන්නන් බවට පත්වී ඇති බව නොදන්නේද? තවත් නැති වෙන්න දෙයක් නැති රට ඇතිවෙන්න හෝ නැති වෙන්න ආකර්ෂණීය සටන් පාඨ ගැන එක් වතාවක් හෝ අපි විශ්වාස කර බලන්නෙමු. තවත් ජනතාව රවටා යැපෙන්නට උත්සාහ නොගැනීමට පහළ පන්තියේ පෑගෙන ජනතාවගේ පැත්තෙන් අපි කාරුණිකව ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු...
එහෙනම් දැන් සැප ඇතිනේ?
යන එන මන් නැතිව පොහොට්ටුවේ අගුපිලේ වැටිලා හිටියා අවුරුදු දෙකක්... ඔච්චරම කෙරුවෝ නම් ආණ්ඩුවෙන් අයින් වෙන්න එපැයි. අඩුගාණේ එහෙම කළොත් ආණ්ඩුව හොල්ලන්න පුළුවන් කියලාවත් නොදන්න ටිකක්..