(යොහාන් භාසුර)

සැලසුම් කළ විදුලි කප්පාදුවක් අද (19) දිනය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

සැපයුම පවත්වාගෙන යාමේදී මෙගාවොට් 150 ක පමණ ඌනතාවයක් වරින්වර ඇතිවන බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කාලය බැගින් විදුලිය විසන්දි විය හැකි බවත් ජනක රත්නායක මහතා කීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමුකරමින් පස්වරු 6.00 න් පසුව විදුලි කප්පාදුවක් කෙසේවත් සිදු නොවන බවත් රත්නායක මහතා සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසම ද මැදිහත්ව ඊයේ ලබාගත් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට  අද ලැබීමට නියමිතව බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණයෙන්  විදුලි සැපයුම අද සහ හෙට කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළේය.