
(යොහාන් භාසුර)
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 285 ක් ජනනය කළ හැකි විදුලි ජනන යන්ත්ර දෙකක් අක්රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම බලාගාර සඳහා ඉන්ධන අද පස්වරුවේ ලැබීමට නියමිත බවත් එම ඉන්ධන ලැබුණද බලාගාරය සක්රිය කිරීමට යම්කිසි කාලයක් ගත වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ CEB එක මොකක් කරනවද දන්නේ නැහැ..? කැළණි තිස්සේ දුවන්නේ ඩීසල් වලින් සහ නැප්ත වලින්... මේවා නැත්නම් ජනපතිතුමාට කෝල් එකක් දීලා ඩීසල් සහ නැප්ත යන දෙකම නැතුව ජනන යන්ත්ර දුවන විදිය එතුමාගෙන් අහන්න තිබුණා. එතුමා එක දාන්නද කියලා මට ෂුවර්... මොකද පොහොර නැතුව වගාකරන හැටිත් එතුමා දන්නවා නොවැ...!
හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම කිසිඳු ජනපති කෙනෙක් නොගන්නා තීන්දුවක් ගෙන ඇත. වී වලට ගොවියන් ඉල්ලන වැඩිමිලක් ලබාදීමට නම් අගය එකතු කිරීමක් විය යුතුයි. දැනට වී මිල රු 80ක් වී ඇත. ඒ කාබනික විදියට වගා කළ වසවිස නැති සහල්ය. විදේශ රටකට ගියත් කාබනික අහාර කෑමට ලැබෙන්නේ නැති ලාංකික අපිට තියෙන වාසියක්... ඒ වගේම විදුලි මාෆියාව කෙසේ හෝ පෞද්ගලික සමාගමෙන් වැඩිමිලට විදුලිය ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව පෙනේවා..!. මේ මාස කිහිපය කැපකර හෝ රටේ නිවැරදි පුනර්ජනනීය විදුලි උත්පාදන වැඩි කිරීමට දිරිමත් කළයුතුයි, නැත්නම් ඉවසිමක්වත්, හරි දේ නොතේරෙන මිනිස්සු තාවකාලික සතුට වෙනුවෙන් රට නිවැරදි ගමනක් යන්න දරන උත්සාහයට වචනෙන් හෝ බාධාකරනු ඇත...
නැති මගුල් කියලා කරන්ට් එක කැපුවා නම් ඉවරයිනේ... මේක කපනවද? නැද්ද? දන්නෙත් නැහැ... කපනවා කිව්වොත් කපන්නේ නැහැ... නැහැ කිව්වොත් කපනවා. මොන කරුමයක්ද?