ගබ්සා නීතියට සංශෝධනයක් ? ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 March 2022
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය ආරම්භ කළේ රුසියාව මැදිහත් වෙමිනි 08 March 2022
තවත් රුසියානු ජනරාල්වරයකු මරුට යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන හමුදාව සමත් විය. 08 March 2022
කොටුව දුම්රිය ස්ථානය අවට දැඩි රථවාහන තදබදයක් ජනතා අයිතීන් රැකගැනීම උදෙසා කාන්තාවෝ එකමුතුව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබේ. 08 March 2022
ජයන්ත සමරවීර තනතුරට සමු දෙයි? රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 08 March 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද( 08) කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය . 08 March 2022
මේ මස අග බැසිල් ඉන්දියාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 08 March 2022
කින්නියා වෙඩි තැබීමක්:තිදෙනෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ දී ඊයේ (7) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 March 2022
අතුරුදන් වූවන් ගැන විමර්ශන කඩිනම් කරන්න මණ්ඩල 25ක් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක් දිඹුලාගල පැළෑටියාව ආරාමයකට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට විමර්ශනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට උණුවතුර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා පිලිස්සුම් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මනම්පිටිය පොලීසිය කියයි. 08 March 2022
‘විමල්-උදය-වාසු මැතිසබයේ නෑ‘ ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8) නොපැමිණියහ. 08 March 2022
ආර්ථික සභාව සතිපතා කැඳවීමට තීරණයක් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
බෑණාගේ මන්නා පහරින් මාමණ්ඩිය මරුට බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 08 March 2022
රුපියල තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 230ට වඩා වැඩි අගයකට නොයනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව අපෙක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 08 March 2022
රෑ නිවන්න කිවත් දවලුත් පත්තු වෙයි විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් ඒ ඒ අයතනවලින් ඉල්ලීම් කළ ද ජා-ඇල නගරය හා තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබෙයි. 08 March 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (8) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 March 2022
සාර්ථක අපනයනකරුවන්ට වාසියක් ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 08 March 2022
විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසියක් විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 08 March 2022
ඩොලරය රුපියල් 230 සීමාවේ විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 08 March 2022
සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය. 08 March 2022
සත්වෝද්‍යාන නැරඹුම් ගාස්තු ඉහළට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. 07 March 2022
ජනපතිගේ ’’පුංචි ගෙදර’’ළඟ විරෝධතා කිරීම දුකයි අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 07 March 2022
බර්ටි ගුණතිලක දැයෙන් සමුගනී මෙරට ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (7) පස්වරුවේ සිදුකෙරිණි. 07 March 2022
අද ආසාදිතයන් 662 ක් කොවිඩ් ආසාදිතයින් තව 639 ක් අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 07 March 2022
එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ දෛනික පිරිසිදු කටයුතු සති කීපයකට සිට නොවීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පවත්ව සිටිති. 07 March 2022
යතුරු පැදි ඉස්සූ හිටපු ගුවන් සෙබලා මාට්ටු කුරුණෑගල සහ මහනුවර නගරවල නවතා තිබියදී සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් යතුරුපැදි හතක් සමඟ ඒවා සොරකම් කළ බව කියන හිටපු ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි. 07 March 2022
ගාලු කොටුව ’’පොලිෂ්’’ වෙයි ලෝක උරුමයක් වන ගාල්ල කොටුවෙහි ස්ථාන කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුළුල් ආකාරයට ප්‍රතිසංස්කරණය කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 07 March 2022
හෙටත් පැය හතහමාරක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (8) ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 07 March 2022
සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්රතිශක්තීකරණය ලබා ගත් අයගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සදහන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. 07 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026