(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ මුල් වටය සඳහා අවශ්‍ය පොහොර තොග සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට දුන් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යුරියා මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බවත් ඒවා මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
මෙවර මහ කන්නයට බඩඉරිගු වගාවන් සඳහාත් යුරියා පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කීය.
යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර වසර 15කට පසු රජයක් විසින් ලබා දුන් හොඳම පොහොර බව ගොවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd