(ඩයනා උදයංගනී)
සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචිවීම, ඉඩම් හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෛන් ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මෙම අනුකමිටුව පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයන් වන බව ඇමතිවරයා සඳහන් කළේය. මීට අමතරව ද්‍රවිඩ සහ මුස්ලිම් නියෝජිතත්වයන් දෙකක් ද මීට පත්කිරීමට නියමිත බව ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙමත් මුදල් අවභාවිතා කරන්න ගහන ගැටයක් .මේ රටේ මිනිස්සු කොහොමත් සංහිඳියාවෙන් ඉන්නවා මේ පාදඩ දේශපාලුවෝ ඇවිල්ලා බොරු කෝලාහල ඇති නොකලා නම්.උන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න බෝම්බ පුපුරවපු මිනිඑඑ මරපු පාදඩයෝ රංචුවක් .ජනතාවාදී මේ වෘර්ක ක්‍රියා වලට අහු වෙන්න එපා
අපිට කාසමගවත් සංහිඳියාව ඕනේ නැහැ. සුළු ජාතීන්ට ඕනෙනම් ඔවුන්ගේ ගම්මාන ඇතිකරන්න ඉඩ දෙන්න එපා. සංහිඳියාව කෙරෙන්න නම් එක ප්‍රදේශයක සුළු ජාතීන් පදිංචි කරන්න එපා.