(ඉන්දිකා රාමනායක)
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණ ප්‍රියමාලිට රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සමග පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම පැමිණිල්ලත් සමග මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණි 11 ක් ඇයට විරුද්ධව මේ දක්වා ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුලු ධන කුවේරයන්ගේ රුපියල් කෝටි ගණින් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි 11 ක් දැමූ දේශපාලනඥයින්, භික්ෂුව ඇතුළු පිරිස මෙලෙස තැන්පත් කිරීම පිණිස මුදල් ඉපැයීම සිදුකළ ආකාරය සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පළමුවෙන්ම විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම කළ යුතුයි...!
මේවාට සතුටු වෙන්න තරම් අපේ හිත් ඒ තත්ත්වයට පත් වුනේ නුඹලා කරපු දේවල් තමයි.. ඒ නිසා මට නම් සතුටුයි...!
මේ සාලිගේ සියලුම වත්කම් වෙන්න බෑනේ... එහෙමනම් මේ වත්කම් ඉපැයූ විදිහ සහ මෙතෙක් කල් ගෙවපු බදු ගැනත් අපි දැනගන්න ආසයි..
මෙතන හොයන්න තියෙන්නේ මේ කෝටි 8ට ප්‍රියමාලි කරපු දේ නෙවෙයි. අසාද් සාලි කෝටි 8 ක් හොයාගත්තු විදිහයි. නියම හොරකම තියෙන්නේ එතැනයි.
ප්‍රියමාලි ඔබ දෙව් දුවකි...! රටේ බදු නොගෙවපු හොරුන් රට වැසියට අනාවරනය කලාට... රට වැසියම ඔබව නිදහස් කලා කියලා හිතා ගන්න..! අසාද් සාලි කෝටි අටක් දුන්න... රිෂාඩ් තවත් කෝටි ගානක් දුන්නා... බලාගෙන ගියාම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන තට්ටුවට වෙනකම්ම මේ අය කෝටි ගනන් ආයෝජනය කරලනේ...
කළු සල්ලි උපයන අයට මෙය හොඳ පාඩමක්.
මේ කාන්තාව බැලුවද කෝප් කමිටුවටවත් හොයන්න බැරි හොර සල්ලිනේ... අල්ලලා තියෙන්නේ...! ඇයට ඇමැතිකමක් දීලා පාර්ලිමේන්තු යැව්වා නම් හොඳයි. හොරුන්ගේ දේත් හොරකම් කරන්න දක්ෂ අයට ගැළපෙනම තැන පාර්ලිමේන්තුව...
පුදුමේ කියන්නේ අසාද් සාලි මහත්තයාගේ සල්ලි ගාන විතරනේ... අපේ අයියලා ගණන් බලලා තියෙන්නේ... ඇයි, මොකද අනිත් අයගේ ගණන් හදද්දී දත කට පූට්ටු වෙනවාද...?
දැන් හොයාගන්න ඕනෑ.. මේ කෝටි 8.5 කොහොමද උපයාගත්තු විදිහ ගැන.. මේ තරම් දෙයක් නීතිවිරෝධී තැනක දාන්නේ කළු සල්ලි නිසයි. මෙයා ආදායම් බදු ගෙව්වද? මේ මිනිස්සු තනිකරම කරන්නේ හොර වැඩ...
ප්‍රියමාලි, කොටිපතියන්ගෙන් සල්ලි අරන් කියපු දේ නොකර ගත්තු සල්ලි වලට පොල්ල තියලා විතරනේ තියෙන්නේ.
හොඳ වැඩෙ අනුන්ගෙ ඒ්ව හොරා කාල පස්සෙ ගන්න තිබ්බට. ඔ්ක තමයි කියන්නෙ දෙවියනි ඔබ මැවු ලොකය අපුරුයි කියලා.
දේශපාලකයෝ කියන්නේ හොරුන්ට කියන තවත් නමක්. ලෝකේ අන්ත දුෂිත හොර දේශපාලකයෝ ඉන්න රට ශ්‍රීලංකාව වෙන්න ඇති. අනේ මේ අසරණ මිනිස්සුන් අන්ත දුක් විඳිනවා එදාවේල කන්න නැතුව. දේශපාලකයෝ කෝටි ගණන් හොර ගුහාවල මුදල් ආරක්ෂා කරනවා. මේ රටට මෙහෙම නොවී තියේද. දේශපාලනය කරන්න මැරීගන දඟලන්නේ මුන් මේකනේ. හොරුන්ට නිධානයක්මේ ලංකාවේ දේශපාලනය .මේ රට හදවනවානම් ග්‍රාමසේවකගේ ඉඳලා අයින් කරන්න ඕනේ. නැතුව මේ රට හදනවා බොරු.
කාන්තාවන් සහ පිරිමින්ට ඕනෑම ගැහැණියක් සිටිය හැකි බවත් වන්දි ගෙවීමකින් තොරව පිටමං කරන මුස්ලිම් විවාහ පනත වෙනස් කිරීමට මෙම පුද්ගලයා එකඟ වීම පුදුමයක් නොවේ.
අසාද් සාලි විතරද ඊට වඩා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇති වෙන්ඩ හම්බකර ගත්තු දූෂිත පවුල් පාලනේ උන්, දේසපාලුවෝ තව කොච්චරවත් ඉන්නවද?
මෙයාලට සල්ලි කොහෙන්ද
ප්‍රියමාලි ලව්වා එක එක ජෝකියව වැඩේට අමුණලා ඡන්දේ දවස් වෙනකල් වැඩේ ඇදගෙන ගියානම් ඡන්දෙට අලුත් ජෝකියෝ ටිකක් දන්නා තිබුනා.
ගම්මිරිස් හොයන්න එනකොට ගෙනාපු සල්ලි නොවෙයිනේද? මට හරිම සන්තෝසයි.
ඇත්තටම ප්‍රියමාලි කියන්නේ වීර කාන්තාවක්. ලංකාවේ අදායම් නිලධාරීන්ට අල්ලන්න බැරි හොරුන්ට වැඩේ දීලා.
තිලිනිව වහාම පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා කමිටුවල සභාපති කරන්න.
මෙගොල්ලොන්ට මේවා හොඳ පාඩම්.
අසාද් සාලි දුන්නට මොකද? සියළුම බෞතික දේවල් සම්පත් ප්‍රතික්ෂේප කරලා සසරේ නිස්සාර බව අවබෝධ කරගත් ගරුතර මහා සංගයා වහන්සේලා මහා මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න පෙලබෙනකොට නේද? කොහොම උනත් දුප්පත් අහිංසක මිනිස්සු අත හැරලා තිලිණි මේ රටේ ඉහලම ගෙරි මහත්වරු ඉලක්ක කරලා තියෙන්නේ හැකියාව, දක්ෂකම... නියමයි... මේ සියවසේ ලංකාවේ ජාතියේ සම්මානයට ලක්වියයුතු ගැහැණිය..
නයි මුගටි වගේ හිටියට අසාද් සාලිත් ඥානසාර හාමදරුවොත් එකම තැන ඉන්වෙස්ට් කරල.
අසාද්‍ය සාලි රටට කරපු සෙතකුත් නෑ ඔහුගේ ජාතියට ,ආගමට කරපු සෙතකුත් නෑ .මූ විතරක් නෙමෙයි අනිත් උනුත් එහෙමයි.නායකයන් කියලා මුන් ගන්න වැරදි තීරණ නිසා අහිංසක සමස්ත ජාතියම වන්දි ගෙවන්න ඕනෙද?ඊළඟ චන්දය තීරණාත්මකයි .ජාති වාදය ,ආගම් වාදය ,ඉරිසියාව වයිරයෙන් තොර රටක් හැටියට සියලුදෙනාට එක්ව බුද්ධියෙන් සිතා හරි නායකයෙක්ව තෝරාගන්න නැතිනම් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යාහැකි.තෙරුවන් සරණයි
හොඳ වැඩේ..., ප්‍රියමාලිත් එක්කම මුදල් තැන්පත් කල සෙට් එකේ මුදලුත් රාඡසන්තක කළ යුතුයි. රට බංකොළොත් වෙනවා... මේ අය සල්ලි පොදි ගහනවා...